චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයට ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ දේශපාලන වාර්තාව ශ්‍රී ලංකා‍ කථානායක කරූ ජයසුරිය මහතාගේ ඇගයීමට ලක් වෙයි
2017-10-25 15:04:15
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයට ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ දේශපාලන වාර්තාව ශ්‍රී ලංකා‍ කථානායක කරූ ජයසුරිය මහතාගේ ඇගයීමට ලක් වෙයි

මම පළමුවෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයටත් ඒ වගේම චීන ජනාධිපති ෂී ජින් පිං මැතිතුමාටත් මගේ සුභාශිංසන පුද කරනවා. මම වැඩියෙන්ම අගය කරන්නේ සම්මේලනය ආරම්භ කරමින් එතුමා කිව්වා නව යුගයකට පිවිසෙන චීනය ස්වාධීන හා සාමකාමී විදේශ ප්‍රතිපත්තියක්  අනුගමනය කරන බව. ඒ වගේම ඒ ඒ රටවල් වලට ජනතාවගේ සෛවරීභාවයෙන්  තමන්ගේ රට සංවර්ධනය කරන්නට චීනය ගරු කරනවා. ඒ වගේම  ජාත්‍යන්තර වශයෙන් ධර්මිෂ්ඨ බව සුරක්ෂිත කරනවා. ඒ වගේම වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වන එකට සම්පුර්ණයෙන් විරුද්ධ වෙනවා. මේ වගේ දේවල් චීනය වගේ බලගතු රටකින් කීම අපි හුඟාක් අගය කරන දේවල්. ඒ වගේම චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හදලා තියෙන්නේ චීනයට පමණක් නෙවෙයි. ඒ තුළින් ලෝකයේ බොහෝ රටවල් ආර්ථික ප්‍රතිලාභ ලබා ගන්නවා. අපේ පුංචි රටත් ඇතුළුව. මොකද  සේද මාවත ගැන මතක් කරන කොට අපිට ඉතිහාසය මතක් වෙනවා. ඒ කාලයේ සේද මාවතේ ලංකාව ප්‍රධාන ස්ථානයක තිබුණා. ඒ නිසා එක් තීරයක් එක් මාවතක් වැඩපිලිවෙල තුළින් අපි දකිනවා අනාගතයේදී ඒ ඒ රටවල විශාල ආර්ථික ප්‍රබෝධයක් ඇතිවෙයි. ආර්ථික සංවර්ධනයක් ඇති වෙයි. ඒ වගේම චීනයේ ඇතිවෙච්ච දියුණුව. චීනය නව ලක්ෂණයෙන් යුත් සමාජවාදයක් අද ගොඩනගලා තියෙනවා. ඒ වගේම චීන ජනතාවට සුවපහසු සමාජයක් ඇති කිරිම සඳහා චීන නායකත්වය අද කටයුතු කරමින් සිටිනවා. චීන ජනතාවගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය ඇති කරන්න අද චීන නායකත්වය කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අපි දකින්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මෙවර සම්මේලනය ඉතාමත් වැදගත් සම්මේලනයක් කියලා. ලෝකයේ විවිධ රටවල තියෙන අවුල් තත්වය දිහා බලන කොට ලෝක සාමය ගෙන ඒමට ඒ වගේම විශේෂයෙන්ම දේශගුණික වෙනස්වීම් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කටයුතු කිරිමට චීනයට විශාල යුතුකමක් තියෙනවා. දේශගුණික වෙනස්වීම් ප්‍රතිපත්ති කඩා වැටීමට ඉඩ නොදි චීනය එය අරක්ෂා කරයි කියලා ලෝකයේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා. චීනය එතනදී ඊට නායකත්වය දෙයි කියලා. මොකද අනාගත පරපුරට වස විස වලින් තොර සමාජයක් ලෝකයක් ලබා දෙන්න. ඒ වගේම  චීනයේ පැරණි මිත්‍රයෙක් වශයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සුභාශිංසනය මම මේ අවස්ථාවේ චීන නායකතුමන්ට හා චීන ජනතාවට පුද කරනවා.

ඔබ මෙතෙක් ආ ගමන දිහා බලන කොට විශාල දියුණුවක් ඇති වෙලා තියෙනවා. මේ ගමන සාර්ථක කර ගැනීම සඳහා ඔබේ පැරණි නායකයින් විශාල පරිත්‍යාගයක් කරලා තියෙනවා. ඒ පරිත්‍යාගය අපි අගය කරනවා. ඒ වගේම අනාගතයේදී චීන ජනතාවට තවත් මීටත් වඩා ශක්තිමත්  ආර්ථිකයක් ඇති කිරීමට, වඩාත් හොඳ ජීවන තත්වයක් ඇති කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය ගෙන යන වැඩපිළිවෙල සාර්ථක වේවායි මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන