එක් තීරයක් එක් මාවතක් පිළිබඳ වැඩපිළිවෙල යටතේ චින් ඩෞ නගරයේ නව සංවර්ධනය
2017-10-25 16:21:16
Share with:

එක් තීරයක් එක් මාවතක් පිළිබඳ වැඩපිළිවෙල යටතේ චින් ඩෞ නගරයේ නව සංවර්ධනය

එක් තීරයක් එක් මාවතක් පිළිබඳ වැඩපිළිවෙල යටතේ චින් ඩෞ නගරයේ නව සංවර්ධනය

චින් ඩෞ නගරය පිහිටා තිබෙන්නේ නැගෙනහිර චීනයේ ශඅන් ඩෙන් පළාතේ. ‍‍ජාත්‍යන්තර මට්ටමේ වරායන් සහිත එම නගරය චීන ආර්ථීක සංවර්ධනයේ විවෘතභාවය හා ජාත්‍යන්තර අදහස් හුවමාරු කිරීමේ ක්ෂේත්‍රවලදී ඉතා වැදගත් නගරයක් ලෙස හැඳින්වෙනවා.චීනය ඉදිරි පත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල චින් ඩෞ නගරයේ ව්‍යවසායකයන්ට විදේශ රටවල ආයෝජන කිරීම සඳහා හොඳ අවස්ථාවක් ලබා දී තිබෙනවා.

2015 වසරේ කිර්ගිස්ථානයේ “Issyk-Kul වැව”ආශ්‍රිත මාර්ගයේ ඉදි කිරීමේ කටයුතු චින් ඩෞ නගරයේ ලුන් හයි සමාගමට භාර දුන්නා. මේ වන විට කිලෝමී‍ටර් 104ක් දුර එම මහ මාර්ගයේ ප්‍රථම කොටසේ ඉදි කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කර තිබෙනවා. එම වැව ආසන්න ප්‍රදේශයේ ගමනාගමන තත්ත්වය එම මාර්ගය නිසා විශාල වශයෙන් යහපත්වී තිබෙනවා. චීන සමාගම ඉහළ මට්ටමේ ප්‍රමිතීන් අනුගමනය කරමින් ඉතා ආදර්ශවත් මහා මාර්ගයක් ඉදි කිරීම පිළිබඳව කිර්ගිස්ථාන ජනාධිපතිවරයා අගය කළා. කිර්ගිස්ථානයේ ව්‍යාපෘතිවලට චීන සමාගම වැඩියෙන් සහභාගි වීමට අපේක්ෂා කරන බව කිර්ගිස්ථාන ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. විදේස් රටවල යටිතල පහසුකම් ඉදි කිරීමේ කටයුතු වල නියැළි සිටිනවා පමණක් නොව, මේ වන විට චින් ඩෞ නගරයේ ව්‍යවසායන් විසින් විදේශ රටවල කර්මාන්ත උද්‍යාන රැසක් ද ආරම්භ කර තිබෙනවා. මේ වන විට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල හා සම්බන්ධ රටවල කර්මාන්ත උද්‍යාන 17 ක ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අතරින් මලයාසියාවේ Kedah ප්‍රන්තයේදී කෘෂිකර්මය හා ධීවර කර්මාන්ත සංයුක්ත උද්‍යානයට චීන යුආන් බිලියන 4.6 ක් ආයෝජන කර තිබෙනවා. එම උද්‍යානය ඉදි කිරීමෙන් පසු චින් ඩෞ නගරයේ ධීවර කර්මාන්ත උද්‍යානය හා සහයෝගීතා පවත්වා ලෝකයේ විශාලතම ධීවර නිෂ්පාදන වෙළඳ ගනුදෙනු මධ්‍යස්ථානයක් බවට එය පත්කිරීමට බලාපොරොත්තු වනවා. අදාළ ව්‍යාපෘති හරහා චින් ඩෞ නගරයේ විවෘතභාවය වඩාත් ඉහළ මට්ටමකට නංවා තිබෙනවා. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන