නවීකරණ කෘෂිකර්මය සංවර්ධනය කිරීමෙන් දිළිඳුකමින් මුදවාගත් බයි ස ප්‍රදේශයේ ගම්මාන
2017-10-25 15:50:41
Share with:

නවීකරණ කෘෂිකර්මය සංවර්ධනය කිරීමෙන් දිළිඳුකමින් මුදවාගත් බයි ස ප්‍රදේශයේ ගම්මාන


2010 වසරේ මැයි මස 10 වැනිදා එවක චීන උප ජනාධිපති ෂීන් ජින් පිං මහතා චීනයේ ගුවන් සී ස්වායත්තයේ ග්‍රාමීය ප්‍රදේශ පිළිබඳ නිරීක්ෂණය කළා. ඔහු එහි වැසියන් සමග සාකච්ඡා කරමින් ඔවුන්ට නවීකරණ කෘෂිකර්මය සංවර්ධනය කිරීමෙන් දිළිඳුකම පිටුදැකීමේ මාර්ගයක් පෙන්වා දුන්නා.

වසර 7කට පසුව චීන ජනාධිපති ධූරයට පත් ව සිටින ෂීන් ජින් පිං මහතා එදා නිරීක්ෂණය කළ ගම්මානවල විශාල විපර්යාසයන් සිදු වුණා. බයි ස ප්‍රදේශයේ ලී සින් ගම්මානය වසර 7කට පෙර දිළිඳු ගම්මානයක් ලෙසයි හැඳින්වූයේ. එහි යටිතල පහසුකම් , කර්මාන්ත වර්ධනය සහ වැසියන්ගේ ආදායම අවම මට්ටමේ තිබුණා. ෂීන් ජින් පිං මහතා එම ගම්මානය නිරීක්ෂණය කළ අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ විවිධ මට්ටම්වල චීන කොමියුනිස්ට් පක්ෂ කමිටුවලින් ඉල්ලීමක් කළා, ලී සින් ගම්මානයේ යටිතල පහසුකම් හා කර්මාන්ත සංවර්ධනය කිරීමට වැඩියෙන් අනුබල ලබා දෙන ලෙස.

වර්තමානයේ ලී සින් ගම්මානයේ විශාල විපර්යාසයක් සිදු වී ඇති බව, ගම්මානයේ ලේකම් Luo Zhao yang මහතා පැවසුවා. එහි ගොවියන් මුලදී කඩල, උක් හා ඉරිඟු වගා කළා. එහෙත් එයින් ලබා ගත් ආදායම අවමයි. වර්තමානයේ ඔවුන් ඩ්‍රැගන් ෆෘට් හා කෙසෙල් යනාදි විශේෂ ලක්ෂණ සහිත කෘෂිකර්ම නිෂ්පාදනයේ නිරත වෙනවා. වගා කර ඇති ඉඩම් ප්‍රමාණය 2010 වසරට වඩා තුන් ගුණයකින් වැඩි වුණා. ඒ සමගම එම ගම්මානයේ එක් පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම ද 2010 වසරේ යුවන් 3500 ක සිට වර්තමානයේ යුවන් 8500 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ලී සින් ගම්මානයට අයත් නා මැන් කෝරළයේ මාර්ග හා කෘෂිකර්ම යටිතල පහසුකම් දිනෙන් දිනම දියුණු වෙලා. ග්‍රාමීය ප්‍රදේශවල පානීය ජල ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය මූලික වශයෙන් මේ වන විට විසඳාගෙන තිබෙනවා. එය කර්මාන්ත සංවර්ධනයට විශාල සැඟවුණු ශක්තියක් වී තිබෙනවා. නා මැන් කෝරළයේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටු ලේකම් Huang Chao zhong මහතා පැවසුවේ, කෝරළයේ දිළිඳු ගම්මාන පහක් මේ වසරේ හා ලබන වසරේ සම්පූර්ණයෙන් දිළිඳුකමින් මුදවා ගනු ඇති බවයි.



Hao/Sheng

 

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන