චීන හා විදේශ රටවල අධ්‍යාපන හුවමාරු ව්‍යායාමයේ නව ප්‍රගතිය
2017-10-25 15:43:55
Share with:

චීන හා විදේශ රටවල අධ්‍යාපන හුවමාරු ව්‍යායාමයේ නව ප්‍රගතිය

ගෙවී ගිය වසර පහ තුළ විදේශ රටවල් සමග ඇති චීනයේ අධ්‍යාපන හුවමාරු අංගසම්පූර්ණයෙන් හා බහු මට්ටමින් හැඩ ගසා තිබෙනවා. චීනය ජ්‍යෙෂ්ඨ ප්‍රවීණයන් බිහි කිරීම, චීන විදේශ මානව හුවමාරු ප්‍රවර්ධනය කිරීම, යහපත් අධ්‍යාපන සම්පත් ආකර්ෂණය කිරීම සහ “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනයට සේවය කිරීම යනාදි ක්ෂේත්‍රවල නව ප්‍රතිඵලයන් ලබා ගෙන තිබෙනවා.

චීනය ලෝකයේ රටවල් 188ක් සමග අධ්‍යාපන සහයෝගතා හා හුවමාරු සම්බන්ධතා ගොඩ නගා තිබෙන බව චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගතා හා හුවමාරු දෙපාර්තමේන්තු උප අධ්‍යක්ෂ ලී හයි මහතා පැවසුවා. ඔහු සඳහන් කළ පරිදි, 2016 වසරේ විදේශ රටවල අධ්‍යාපනය හදාරන චීන සිසුන්ගේ සමස්ත සංඛ්‍යාව 5 ලක්ෂ 45 දහසක් වන අතර චීනයේ සිටින විදේශ රටවල සිසුන්ගේ සංඛ්‍යාව 4 ලක්ෂ 43 දහසක්. 2017 වසරේ ජූනි මාසය වන තෙක් චීනය, රටවල් හා ප්‍රදේශ 140ක කොන්ෆියුසියස් ආයතන 512ක් හා කොන්ෆියුසියස් මධ්‍යස්ථාන 1074ක් ස්ථාපිත කළා. එම ආයතනවල හා මධ්‍යස්ථානවල චීන භාෂා හා චීන සංස්කෘතිය ඉගෙන ගන්නා සිසුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 21ක්.

විදේශ රටවල අධ්‍යාපනය හදාරන චීන සිසුන්ගේ සංඛ්‍යාව ‍ලොව සෙසු රටවලට වඩා වැඩි වී තිබෙනවා. එම චීන සිසුන් චීනයට ආපසු පැමිණ චීනයේ විද්‍යා හා තාක්ෂණය, අධ්‍යාපනය, ආර්ථිකය හා සංස්කෘතිය යනාදි ක්ෂේත්‍රවල ජ්‍යෙෂ්ඨ ප්‍රවීණයන් හා නිර්මාණශීලි රටක් සංවර්ධනය කිරීමේ වැදගත් බලවේගය බවට පත් වී සිටිනවා. ඒ වගේම චීනය ආසියාවේ විශාලතම විදේශ අධ්‍යාපන ගමනාන්ත රට බවට පත් වෙලා. චීනයේ ඉගැනුම් ලබන විදේශ සිසුන් චීනය සහ සිය රටවල් අතර මිත්‍රත්වය සහ සහයෝගතා හා හුවමාරු කටයුතුවලට සක්‍රීය කාර්යභාර ඉටු කොට තිබෙනවා.

“එක් තීරයක් එක් මාවතක්”යෝජනාව චීන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හා සංවර්ධනයට නව අභියෝගය හා අවස්ථා ලබා දී තිබෙනවා. චීන අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය වසරේ ජූලි මාසයේ ‘එක් තීරයක් එක් මාවතක්’ පිළිබඳ අධ්‍යාපනය ඉදිරියට ‍මෙහෙයැවීමේ ක්‍රියා සැලැස්ම නිකුත් කළා. වර්තමානයේ චීනයේ රටවල් හා කලාප 42ක් හා සම්බන්ධ පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථාන ස්ථාපිත කෙරුණා. එම රටවල් හා කලාප පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනයට බුද්ධිමය අනුබල ලබා දී තිබෙනවා.

ඉදිරියේ “එක් තීරයක් එක් මාවතක්”සම්බන්ධ රටවල ජනතාවන්ගේ හදවත් බැඳීමට පාලමක් නිර්මාණය කිරීමට චීනය අදාළ රටවල් සමග භාෂා සහයෝගතා පුළුල් කිරීමට සූදානම් වන බව චීන අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගතා හා හුවමාරු දෙපාර්තමේන්තු උප අධ්‍යක්ෂ ලී හයි මහතා විස්තර කළා.



Hao/Sheng

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන