චීනයේ සංවර්ධන ජයග්‍රහණ රුසියානු බුද්ධිමතුන්ගේ ඇගයීමට
2017-10-24 19:25:27
Share with:

චීනයේ සංවර්ධන ජයග්‍රහණ රුසියානු බුද්ධිමතුන්ගේ ඇගයීමට

චීනයේ සංවර්ධන ජයග්‍රහණ රුසියානු බුද්ධිමතුන්ගේ ඇගයීමට


චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය චීනයේ දේශපාලන, ආර්ථික හා සාමාජීය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ඉතා වැදගත් සම්මේලනයක් බව පොදු පිළිගැනීමක්. ස්ථාවර හා පරිණත රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් වශයෙන් චීන-රුසියානු සබඳතාව අඛණ්ඩව ඉදිරියට ගොස් තිබෙනවා. චීන-රුසියානු ද්වීපාර්ශවික සබඳතාව පිළිබඳව කාලාන්තරයක් තිස්සේ අවධානය යොමු කර සිටින රුසියානු බුද්ධිමතුන් කිහිප දෙනෙක් චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳ අදහස් දක්වමින් ගෙවී ගිය වසර 5 තුළ චීනය ලබාගෙන ඇති ජයග්‍රහණ ඉහළින් අගය කළා.

රුසියානු විද්‍යා ඇකඩමියේ ඈත පෙරදිග පර්යේෂණ අංශය චීනය හා නැගෙනහිර ආසියාව පිළිබඳව පර්යේෂණ පවත්වන ප්‍රධාන ආයතනයක්. එහි ප්‍රධානී Sergey Luzyanin මහතා කියා සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීම චීනය ගමන් කරමින් සිටින වේගවත් සංවර්ධන මාවතට චීන ජනතාව වඩාත් උනන්දු කරවන බවයි. 2021 වසර වන විට සශ්‍රීක සමාජයක් ගොඩ නැගීමේ ඉලක්කය චීනයට ඉටු කළ හැකි බවට ඔහු විශ්වාස පළ කළා.

Yury Tavrovsky මහතා චීනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥයෙක්. ගෙවී ගිය වසර 5ක කාලයේ චීන දළ දේශීය නිෂ්පාදිතය වසරින් වසර වර්ධනය වී තිබෙනවා. එම වර්ධන අනුපාතය ලොව සෙසු රටවලට වඩා ඉහළ මට්ටමක පැවතීම චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ නායකයත්වය යටතේ චීන රජය ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයක් බව ඔහු පවසනවා. විශේෂයෙන් වසර 2013-2016 කාලයේ චීනය සෙසු රටවල් අභිබවමින් ලෝක ආර්ථික වර්ධනය වෙනුවෙන් 30%ක දායකත්වයක් ලබා දුන්නා. එක් අතකින් චීනය ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගැනීමට සමත් වුණා. අනිත් අතට චීන ජනතාවගේ ජීවන මට්ටම නොකඩවාම ඉහළ‍ ගොස් තිබෙනවා. චීන ජනතාවගේ පසුම්බිය දිනෙන් දින විශාල වෙමින් තිබෙනවා දුටු තමන්ට ඊර්ෂ්‍යාවක් ඇති වූ බව Yury Tavrovsky මහතා පැවසුවා.

චීනය සීග්‍රයෙන් වර්ධනය වන අතරතුර විවිධ අභියෝග හා ගැටළුවලට මුහුණ දී සිටින බව රහසක් නොවෙයි. චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ නායකත්වය යටතේ එකම පාලක පක්ෂය වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය සිය විනය තර කර තිබෙන අතර දූෂණ මර්දනය කෙරෙහි ද දැඩි අවධානය යොමු කර තිබෙනවා. මෙය සමෘද්ධිමත්, සාමකාමී හා සාධාරණ චීන සමාජයක් ගොඩ නැගීමට තීරණාත්මක පියවරක් බව රුසියානු විද්‍යා ඇකඩමියේ දේශපාලන පර්යේෂණ හා ඇස්තමේන්තු අංශයේ ප්‍රධානී Andrey Vinogradov මහතා කියා සිටියා.


Sheng 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන