ප්‍රංශ දේශපාලනඥයන් ඉහළින් අගයන චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ
2017-10-19 16:49:47
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වන නියෝජිත සම්මේලනය හෙට(18) ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. චීනය සමග සමීප සම්බන්ධතා පවත්වන රටවල් අතර ප්‍රංශය ද වෙනවා. චීනයේ මෙම වැදගත් සම්මේලනය පිළිබඳව ප්‍රංශ දේශපාලනඥයන් රැසක් වාර්තාකරුවන් අමතමින් අදහස් පළ කර තිබෙනවා.ගෙවී ගිය වසර 5 තුළ චීනය ලබා ඇති රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ, චීනය ගමන් කරමින් සිටින සාමකාමී සංවර්ධන මාවත සහ චීනය ඉදිරිපත් කළ අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ පිළිබඳ සංකල්පය ඔවුන්ගේ ඉහළ ඇගයීමට ලක් වී තිබෙනවා.

ප්‍රංශ දේශපාලනඥයන් ඉහළින් අගයන චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ

ප්‍රංශ දේශපාලනඥයන් ඉහළින් අගයන චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ

 පසුගිය 70 දශකයේ චීනයේ සංචාරය කළ ප්‍රංශයේ හිටපු අග්‍රාමාත්‍ය Jean-Pierre Raffarin මහතා ප්‍රංශ-චීන සහයෝගතා වෙනුවෙන් කාලන්තරයක් තිස්සේ කටයුතු කර ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්. චීන ජනාධිපති ෂී චින් පිං මහතාගේ නායකත්වය යටතේ චීන කොමියුනිස්ට් පක්ෂය රටට හා ජනතාවට විශාල ජයග්‍රහණයක් ගෙන ඒමට සමත් ව ඇතැයි ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වන නියෝජිත සම්මේලනය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවා. වර්තමානයේ චීනය ලොව ප්‍රබල ආර්ථිකයක් බවට පත් ව ඇති අතර රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ද පෙරමුණ ගෙන තිබෙනවා. මේ වන විට චීනය වත්මන් ලෝකයේ වැදගත් රාජ්‍ය තාන්ත්‍රික බලවේගයක් බවට පත් ව ඇති බැවින් චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වන නියෝජිත සම්මේලනය ලොව වැඩි අවධානයට ලක් වන බව ප්‍රංශයේ හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රංශ දේශපාලනඥයන් ඉහළින් අගයන චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ

ප්‍රංශ දේශපාලනඥයන් ඉහළින් අගයන චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ

ප්‍රංශ දේශපාලනඥයන් ඉහළින් අගයන චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වන නියෝජිත සම්මේලනය ලෝකයට බලපාන වැදගත් සම්මේලනයක් බවත්  චීනයේ සංවර්ධන සංකල්පය ඉහළින් අගය කරන බවත් ප්‍රංශයේ හිටපු විදේශ ඇමති Laurent Fabius මහතා කියා සිටියා. චීනය සාමකාමී සංවර්ධන ක්‍රියාවලියක් ඔස්සේ ගමන් කරමින් සිටියදී චීනය සමග එක්ව ලෝකය සමබර ව ඉදිරියට ගෙන යාමට ප්‍රංශය කැමති බව ඔහු පැවසුවා.

ප්‍රංශ දේශපාලනඥයන් ඉහළින් අගයන චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ

ප්‍රංශ දේශපාලනඥයන් ඉහළින් අගයන චීනයේ රාජ්‍ය තාන්ත්‍රික ජයග්‍රහණ

චීනයේ හිටපු ප්‍රංශ තානාපති Maurice Gourdault-Montagne මහතා කියා සිටියේ තමන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වන නියෝජිත සම්මේලනය පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බවයි. ජාත්‍යන්තර කටයුතුවලදී චීනය වඩාත් වැදගත් මෙහෙවර ඉටු කරනු ඇතැයි ඔහු බලාපොරොත්තුවෙන් සිටිනවා. ප්‍රංශ ජනාධිපතිවරයාගේ ප්‍රථම චීන නිල සංචාරය වෙනුවෙන් මේ වන විට සූදානම් කටයුතු ආරම්භ කර තිබෙනවා. එම සංචාරය ප්‍රංශ-චීන සම්බන්ධතාව වඩාත් ඉහළ මට්ටමකට ‍ගෙන යාමට හැකි වනු ඇතැයි ඔහු විශ්වාස පළ කළා.


Sheng

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන