චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේදී ගනු ලබන තීන්දු තීරණ චීන ජනතාවට පමණක් නෙමෙයි මුළු මහත් ජාත්‍යන්තරයටම බලපානවා - ‍බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති
2017-10-17 16:35:37
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයේදී ගනු ලබන තීන්දු තීරණ චීන ජනතාවට පමණක් නෙමෙයි මුළු මහත් ජාත්‍යන්තරයටම බලපානවා - ‍බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති


චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පිළිබඳව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් මෙසේ අදහස් පල කළා.


“චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වීම‍ට නියමිතයි. අපි දැක්කා පසුගිය කාලය පුරාම චීන කොමියුනිස්ට් පක්ෂය ඒ මධ්‍යම අංශය වගේම රට පුරා විසිරී තිබෙන ඒ විවිධ ප්‍රාදේශීය පලාත් මේ සඳහා විශාල සූදානමක් වුණා. මෙවැනි සම්මේලනයක් පැවැත්වෙන්නේ වසර 5 කට පසුව. එතකොට වසර 5 කට පසුව පැවැත්වෙන ඒ සම්මේලනයට බොහොම සූදානම් සහිතව ග්‍රාමීය මට්ටමෙන් නගර මට්ටමෙන් පලාත් ම‍ට්ටමෙන් සාකච්ඡා කරලා ඒවායේ ගනු ලබන තීරණ එකඟතාවන් මත තමයි ජාතික සම්මේලනය පැවැත්වෙන්නේ. චීන කොමියුනිස්ට් පක්ෂය මෙපමණ කා‍ලයක් ශක්තිමත්ව ඉදිරිය‍ට යන්න පුළුවන් වු‍ණේ ඒ මිලියන 80කට වැඩි සාමාජිකයන් සියළු දෙනාගේම අදහස් උදහස් විමසලා ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සියළු තලවල සියළු ක්ෂේත්‍රවල අදහස් ඇතුව තමයි ජාතික සම්මේලනයේදී තීන්දු තීරණ ගනු ලබන්නේ. ඇත්තටම මේ වනවිට ඒ ඒ ම‍ට්ටම් වල ජාතික එකගතාවක් පලාත් එකගතාවක් මේ තීන්දු තීරණ සම්බන්ධව අරගෙන ති‍බෙනවා. ඉතිං මං හිතන්නේ පසුගිය දින දෙක තුන තුළ අපි දකිනවා මාධ්‍ය තුළින් මොකද චීනය කියන්නේ මහ විශාල රටක් භූගෝලීය වශයෙන් සමහර නියෝජිතයන් කිලෝමීටර 2000ක් 3000ක් පමණ බෙයිජිං නුවරට අගනුවරට පැමිණෙනවා. ඒ නිසා ඒ ජාතික සම්මේලනයේදී ඉදිරි වසර 5 සඳහා ශක්තිමත් නිලධාරී මණ්ඩලයක් ප්‍රතිපත්ති සමුදායක් පිළිබදව වැදගත් තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබෙනවා. ඉතින් මෙතනදී වැදගත්ම දේ තමයි අද වන විට චීනය ජාත්‍යන්තර වශයෙන් ලබාගෙන තිබෙන ඉදිරියට ඒම විශේෂයෙන්ම ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් චීනය මේ වනවිට පැමිණ තිබෙන ඒ ගමනේ ශක්තිමත්භාවය උඩ මේ තීන්දු තීරණ චීනයේ ඉදිරි අනාගතයට චීන ජනතාවට පමණක් නෙමෙයි මුළු මහත් ජාත්‍යන්තරයටම බලපානවා. ඒ නිසා මේක ජාතික වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙනුත් වැදගත්වන ජාතික නියෝජිත සම්මේලනයක් වශයෙන් හැඳින්වීමට පුළුවන්.”



Nisansara   Ravi   Shi


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන