චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීනය ලබා ඇති ජයග්‍රහණ ලොවට ම ශක්තියක් --- ශ්‍රී ලංකාවේ මහජන ‍එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන
2017-09-18 16:46:32
Share with:

චීන ‍කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් චීනය ලබා ඇති ජයග්‍රහණ ලොවට ම ශක්තියක් --- ශ්‍රී ලංකාවේ මහජන ‍එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන

ශ්‍රී ලංකාවේ මහජන ‍එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා චීන සංවර්ධනය පිළිබඳව මෙසේ අදහස් පල කළා. 



“ලොව ඇති වුණු ප්‍රධානතම වෙනස්කම් මානව සමාජයට ගෙන ඒමට චීන කොමියුනිස්ට් පක්ෂයේ හා ෂී චින් පිං සහෝදරයාගේ නායකත්වයෙන් හැකිවුණා. 1949 විප්ලවයේ ජයග්‍රහණයෙන් පසුව චීන මහජන සමූහාණ්ඩුව බිහි වුණා. නව චීනය බිහිවීමෙන් පසු නොනවත්වා පැමිණි ආර්ථික සැලසුම් සහගත හා ප්‍රායෝගික සංවර්ධන වැඩපිලිවෙල නිසා ලෝක ආර්ථිකයේ බලවත්ම රාජ්‍යයක් බවට පත්වීමට චීන මහජන සමූහාණ්ඩුවට හැකිවුණා. සමාජවාදී මතයත් ප්‍රායෝගිකව චීන සමාජයේ ඇති තත්වයන් හා එකට ගලපමින් චීන කොමියුනිස්ට් පක්ෂය ලබා දෙන ලද සහ චීනයේ සෑම ජන කොට්ඨාශයක් ම දැරූ උත්සාහයන් නිසා ලොව බලවත්ම ආර්ථික යෝධයා බවට චීනය පත්වුණා. අද එක්සත් ජනපද ආර්ථිකයට අසමසම තත්වයෙන් ලොව මුහුණ දෙන්නට පුළුවන් එකම බලවතා බවට ෂී චින් පිං මහතාගේ නායකත්වයෙන් යුත් චීනයට හැකි වෙලා තියෙනවා.

ඒ විතරක් නෙවෙයි ඒ ආර්ථික ජයග්‍රහණ ලෝකයේ ආර්ථික සංවර්ධනය පතන අ‍නෙකුත් රටවලට ද ලබා දීමට ඉදිරිපත් වීම චීන ආර්ථික සංවර්ධනයේ සුවිශේෂි දායාදයක් හැටියට සලකන්නට පුළුවන්. ආර්ථික වශයෙන් නව තාක්ෂණික නිර්මාණයන්, ලොව අජටාකාශයට ගමන් කරන ක්ෂේත්‍රය දක්වා පර්යේෂණ විද්‍යාව ද එයට එකතු වීම නිසා අද චීන ආර්ථිකය සෙලවිය නොහැකි මහා ශක්තියක් බවට පත්වෙලා.  එම ආර්ථික වර්ධන වේගය බටහිර රටවල් කිසිවක් හෝ විසින් නොලබන ආර්ථික වර්ධන වේගයකින් චීන ආර්ථිකයේ ජයග්‍රහණයන් ඉදිරියට ගෙන යාමට ෂී චින් පිං ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් ‍කොමියුනිස්ට් පක්ෂය සමත් වෙලා තිබෙනවා. ඉතාම සාර්ථක චීන ආර්ථිකයේ වේගවත් සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවටත් ජාත්‍යන්තරව සංවර්ධනය බලාපොරොත්තු වන රටවලටත් ලබාදිය හැකියි. ඒ වගේම ලෝක සාමයේ දැවැන්ත ආරක්ෂකයෙක් හැටියට බටහිර අධිරාජ්‍යවාදී තර්ජනයට චීනය මෙලෙස ශක්තිමත් වී ලබන වර්ධනය ඒ ඒ රටවල ජනතාවට දැවැන්ත සහයක් ‍‍වෙනවා. මේ නිසා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනයට මහජන එක්සත් පෙරමුණේ නායකයා හැටියට මම ශ්‍රී ලාංකික ජනතාවගේ සහෝදරත්වය හා සුභපැතුම් එක්කරනවා.”



Sugath  Shi


ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන