චීනයේ දූෂණ විරෝධී වැඩපිළිවෙලෙන් ආදර්ශ ගත හැකියි-- ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා
2017-09-14 10:05:42
Share with:

චීනයේ දූෂණ විරෝධී වැඩපිළිවෙලෙන් ආදර්ශ ගත හැකියි-- ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා

ශ්‍රී ලංකා ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශක සුගත් රත්නායක මහතා සමඟ සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් මෙසේ අදහස් පල කළා.


“චීනයත් ශ්‍රීලංකවත් අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් ති‍බෙන රටවල් 2ක්. ඒකට ලොකු ඉතිහාසයක් ති‍‍බෙනවා. ඒ වගේම චීනයත් ලං‍කාවත් අතර ඉතා ‍ඓතිහාසික ගිවිසුම්වලට එළඹිලත් තිබෙනවා. විශේෂයෙන්ම රබර් සහල් ගිවිසුමට අත්සන් කළා. සංස්කෘතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙනුත් ලොකු සබඳතාවක් අප ගොඩනගා ගෙන තිබෙනවා. අද වෙන කොට ‍අපේ රටේ සංවර්ධනයට දැවැන්ත ‍ශක්තියක් චීන රජයෙන් ලැබිලා තිබෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවත් චීනයත් අතර තිබෙන සම්බන්ධතාවට දීර්ඝ කාලීන ඉතිහාසයක් තිබෙනවා වගේම වර්තමානයේත් ඉතා ශක්තිමත්ව පවතින බව අපට කියන්න පුළුවන්.

චීන ජනාධිපතිවර‍යා ක්‍රියාත්මක කරන දූෂණ විරෝධී වැඩපිළිවෙල පිළිබඳවත් මම යමක් කියන්න කැමතියි. එය ඉතාම සාර්ථකව චීනය තුළ ක්‍රියාත්මක වෙනවා. අපේ රටටත් අ‍‍පේ ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාටත් ලැබිච්ච ලොකුම අභියෝගය තමයි අල්ලස දූෂණය තුරන් කරලා යහපාලන ‍රජයක් ගොඩනැගීම. අපට චීනයේ ක්‍රියාත්මක දූෂණ විරෝධී වැඩපිළිවෙල මගින් බොහෝ ආදර්ශයන් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඇත්ත වශයෙන් චීනයේ සංවර්ධනය දිහා බලනකොට ඉතාම විස්මය ජනකයි. අවුරුදු කිහිපයකට පෙර තිබිච්ච චීනය නෙමෙයි අද තිබෙන්නේ. ලෝකයේ ප්‍රබල රටක් බවට චීනය පරිවර්තනය වෙලා තිබෙනවා. ඒ නිසා චීන ජනතාවගෙන් ඉගෙන ගතයුතු පාඩම් බොහොමයක් තිබෙනවා කියලා මම හිතනවා.”



Sugath Shi

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන