චීනය සමඟ පැවැත්වූ මිත්‍රත්වයේ ප්‍රතිළුල දකින්න ලැබෙනවා -මහාචාර්ය සුනිල් ආරියරත්න
2017-09-13 22:38:43
Share with:

චීනය සමඟ පැවැත්වූ මිත්‍රත්වයේ ප්‍රතිළුල දකින්න ලැබෙනවා -මහාචාර්ය සුනිල් ආරියරත්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශක සුගත් රත්නායක මහතා සමඟ සම්මුඛ සාකච්ජාවකට එක් වෙමින් චීනයේ වත්මන් සංවර්ධනය ගැන මෙසේ අදහස් පල කළා.

“අපි දන්න වෙනත් රටවල් එක්ක බලන කොට චීනය තමයි වඩාත් ළං වෙලා ති‍බෙන්නේ අද දවස වෙන කොට. මොකද හතර පැත්ත කොයි පැත්ත බැලුවත් චීනය සමඟ පැවැත්වූ මිත්‍රත්වයේ ප්‍රතිළුල දකින්න ලැබෙනවා. ඉතිං මං හිතන්නේ එහෙම රටක් සමඟ සම්බන්ධකම් පැවැත්වීමට ලැබීම අපේ භාග්‍යයක්. මං හිතනවා ලෝකයේ රටවල් අතරින් වඩාත් කිට්ටු වර්ගය බවට පත් වෙලා ඉන්නවා කියලා චීන ජනයා. අපි ඇත්තටම චීනය ගැන මුළින් දන්නේ පොත පතින් සහ පසුව අන්තර් ජාලයෙන්. නමුත් චීනයේ අතීතයත් එක්ක බලනකොට මේ වේගවත් දියුණුව ගැන අපට පුදුම හිතෙනවා. ඒ වගේම මේ මොහොතේ දී ක්‍රියාත්මක වන මේ වංචාව හා දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග පරමාදර්ශයක් බවට අප පත්කර ගත්තොත් අපේ රටට ‍ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මට හිතෙනවා. එය මේ රටේ දියුණුවේ මග කියලා මම හිතනවා. හොර බොරු නැති රටක් නිර්මාණයට ඔවුන් දරා ඇති වෑයම.”



Ravi Shi

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන