එක් පක්ෂ ධජයක් තුළ මහජන එකඟතාව ලබා ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂය සමත් ---මහාචාර්ය මයුර සමරකෝන් මහතා
2017-09-13 20:31:29
Share with:

එක් පක්ෂ ධජයක් තුළ මහජන එකඟතාව ලබා ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂය සමත් ---මහාචාර්ය මයුර සමරකෝන් මහතා

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා චීනය පිළිබඳවත් චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය පිළිබඳවත් මෙසේ අදහස් පල කළා.


“මම චීනය පිළිබඳ විමසීමේදී දක්නට ඇති වැදගත් කාරණාවක් වශයෙන් කොමියුනිස්ට් සංකල්පයේ ප්‍රාග්ධනයේ අයිතිය පිළිබඳව මූලිකවම සඳහන් කළ හැකියි. මෙම ප්‍රාග්ධනයේ අයිතිය විශාල පිරිසක් අතර බෙදීයාම තුළ විශාල පිරිසකට එහි සහන ලැබෙනවා. මෙහිදී දියුණු වෙමින් පවතින රටවල් පිළිබඳ විමසීමේදී උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව ගතහොත්, මේ තත්වය අවබෝධ කරගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ  ප්‍රාග්ධනය ඉතාම සුළු පිරිසක් අතර බෙදීයාම නිස රට තුළ විශාල වශයෙන් දරිද්‍රතාවක් සහ විශාල අසංවර්ධිත බවක් නිර්මාණය වී තිබෙනවා. මේ බාධකය ජයගන්නට චීන කොමියුනිස්ට් පක්ෂයට අද හැකි වී තිබෙනවා. එක් පක්ෂ ධජයක් තුළ රටේ සියළු වැසියන්ගේ එකඟතාව ලබා ගැනීමට මේ පක්ෂයට හැකි වීම අගය කළ යුතුයි.

චීනය සැළසුම් කළේ දෛනික සංවර්ධන සැළසුම් නොවේ. එමෙන්ම ඊළග ඡන්දය ඉලක්ක කරගත් සංවර්ධනයක් ද නොවෙයි. වසර අවුරුදු 20ක් හෝ 25ක්  ඉදිරියට රටේ ඇති විය යුතු සංවර්ධනයන් පිළිබඳව මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂය හරහා අවධානය යොමු කර සැළසුම් සකස් කර තිබෙනවා. මේ තුළ ලොව අනෙකුත් රටවල වෙළඳපළ ඉතා සූක්ෂම අයුරෙන් ජයගන්නට චීනයට හැකි වී තිබෙනවා. ඒ, ඉතා අඩු මිළට භාණ්ඩ විකිණීම හරහා.

චීනය විශාල රටක් වශයෙන් විශාල ජනතාවක් හසුරවමින් ජනතාවට අවශ්‍ය සුභ සාධන පහසුකම් ලබා දෙමින් රට තුළ නීතියක් නිර්මාණය කරමින් ඒ තුළ ශික්ෂණයක් ඇති කර ඇත්තේ, මෙම කොමියුනිස්ට් පක්ෂයේ ඇති ප්‍රතිපත්තීමය කරුණු කාරණා නිසා. චීනයට දේශපාලඥයින්, උගතුන්, කාර්මික ශිල්පීන් ඒ වගේම විවිධ තරාතිරම් වල පුද්ගලයින් හසුරවමින් ඉදිරියට යාමට දියුණු වීමට හැකි වී තිබෙනවා. ඒ දියුණුවේදී ඔවුන් අපේක්ෂා කරන්නේ එදිනෙදා සුඛ විහරණය පමණක් නොවෙයි, කලාපයේ බලවතා වීමෙන් අනෙකුත් රාජ්‍යයන් හසුරවමින් ඔවුන්ට යම්කිසි ස්ථානයකට පිවිසීමට. මේ තත්වයට ඔවුන්ට යාමට හැකිවී ඇත්තේ, විවිධ පක්ෂ භේද නැතිව එක් පක්ෂයක් තුළ ප්‍රශ්න නැතිව කිසියම් ඒකාධිපතීත්වයක් ඇතිව ගමන් කරන නිසායි.

කොමියුනිස්ට්වාදී සමාජ විද්‍යාඥයින් කියන දෙයක් තමයි, අද චීනය ධනවාදයට ගමන් කරමින් සිටිනවා කියන එක. මම හිතන්නේ එය වැරදි උපකල්පනයක් කියලා. මොකද කොමියුනිස්ට්වාදයේ අවසානය වන්නේ, සියළුම දෙනා සැප සම්පත් විඳින රාජ්‍යයක් කරා ගමන් කිරීම යන්නයි. ඉතින් සියළු දෙනාම එතනට ගමන් කරමින් ඉන්නේ. එහිදී කියන්නෑ සියළු දෙනාම දුක්විඳිය යුතුයි කියන එක. කියන්නේ සියළුදෙනාම සැප විඳිය යුතුයි කියන එක. රට තුළ සුභ සාධනය, ඒ කියන්නේ ඉපදෙන සෑම පුද්ගලයකුටම නිවසක් තිබේද, රැකියාවක් තිබේද, ඔවුන්ට වැටුපක් රැගෙන තම පවුල ජීවත් කළ හැකිද යන්න පිළිබඳව තමයි, කොමියුනිස්ට් පක්ෂයක අවසාන ඉලක්කයන් බවට පත්වන්නේ.

ඉතින් මම හිතන්නේ ධනවාදය කරා ගමන් කරනවා කියන එක එක්තරා ආකාරයක මිත්‍යාවක්. චීනය අද මේ අත්විඳිමින් ඉන්නේ කොමියුනිස්ට්වාදයේ ඉහළ ප්‍රතිපලදායක තත්වයන්.”


Nisansara  Sugath  Sheng


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන