චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය මේ වන විට ශ්‍රී ලංකීය ජනජීවිතය වෙත චීනයේ සුභද මිත්රශීලීත්වය පලකරන සහෘද වේදිකාවක් ලෙස ලොව පුරා සිංහල ග්රාහකයන් පිළිගැනීමට ලක් වී මාරයි. දිවයින පුරා වැඩසටහන් විසුරුවා හරින කෙටි තරංග විකාශන හරතක් ද බස්නාහිර පළාත ආවරණය කරන FM විකාශනයක් ද සමාජ මාධ්‍ය ජාලයක් ද චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සතුව ඇත.
වර්ෂ 1975 ජනවාරි පළමු වනදා ඇරඹී මෙම සේවාව චීන සංස්කෘතිය සහ ලංකික සංස්කෘතිය යා කරන නූතන පාලමක් බවට පත් වී තිබේ. චීනයේ දිනෙන් දින දියුණු වන සමාජ ප්‍රවාහය, නව නිපැයුම, ඉපැරණි කලා, සොඳුරු ස්ථාන, චීන සුප කලාව ඇතුළු බොහෝ ක්ෂේත්රවල තොරතුරු සමඟ ශ්‍රී ලංකාවේ කාලීන තොරතුරු ද ජනතාව වෙත සමීප කරවන බුද්ධිමය නාලිකාවක් ලෙස මෙය පිළිගැනීමකට ලක් වෙයි. ලෝකයේ බහුතර ජනතාවක් කථා කරන භාෂාව බවට පත්ව ඇති චීන භාෂාව හැදෑරීමට ද මෙම සේවාව සිය වැඩසටහන් මඟින් අසන්නන්ට අවස්ථාව සලසා දෙයි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගුවන් විදුලි, රූපවාහින ආයතන සහ වෙනත් ජන මාධ්‍ය සමඟ ද මිත්‍රශීලී සහයෝගතා පැවැත්වීමට චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය කටයුතු කර තිබේ.
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ අපේක්ෂාව වඩාත් වැඩි සේවාවක් ශ්‍රී ලංකාවේ ග්රාහකයන් වෙනුවෙන් ලබා දීමයි. ඒ සඳහා ඔබේ අදහස් සහ යෝජනා සැම විටම අපි අපේක්ෂා කරමු.