ඊශ්‍රායලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි
2024-11-27 11:06:35
Share with:

ඊශ්‍රායලය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ පවසති.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය Benjamin Netanyahu ,හිටපු ආරක්ෂක අමාත්‍ය Yoav Gallant සහ පලස්තීන හමාස් සංවිධානයේ නායක Mohammed Diab Ibrahim al-Masri යන පිරිසට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කර ඇති අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ ඊයේ(26) ඉල්ලා සිටියහ.

ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීන්දුව යුක්තිය සහ වගවීම සඳහා ඓතිහාසික පියවරක් සනිටුහන් කරන බව ඔවුහු කියා සිටිති. 2023 වසරේ ඔක්තෝම්බර් 7 වැනිදා ඊශ්‍රායල-පලස්තීන ගැටුම ආරම්භ වීමෙන් පසු, සිවිල් වැසියන්ට එරෙහිව ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි, ස්වාධීන විශේෂඥයින් වාර්තා කර තිබේ. මෙම උල්ලංඝනයන් බොහෝ විට ජාත්‍යන්තර අපරාධ වන අතර, ඒවා වහාම නැවැත්විය යුතු බව ඔවුන් ප්‍රකාශ කර ඇත. එම පිරිස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීන්දුව එකහෙළාම පිළිගත් අතර නීතිමය සහ සදාචාරාත්මක වගකීම් ඉටු කරන ලෙස ඔවුන් අදාළ රටවලට සිහිපත් කර තිබේ.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම