රතු මුහුදේ බෝට්ටු අනතුරෙන් මියගිය සිව් දෙනෙකුගේ සිරුරු සොයා ගැනේ.අනතුරට ලක්වූ තවත් තුන් දෙනෙකු බේරා ගැනීමට ද හැකිව තිබේ.ඊජිප්තුවේ ගිණිකොණදිග ප්‍රදේශයට අයත් රතු මුහුදේදී බෝට්ටුවක් පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවිය.ඉන් දිවි බේරාගත් පුද්ගලයන් අතර බෙල්ජියම් ජාතිකයෝ දෙදෙනෙක් සහ ඊජිප්තු ජාතිකයෙක් ද වෙති.ඒ අනුව මේ දක්වා පුද්ගලයන් 31 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකිව ඇතැයි එම පලාතේ ආණ්ඩුකාරවරයා සඳහන් කරයි. තවත් 9 දෙනෙකු සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් සිදු කරන බවද හෙතෙම කියා සිටී.අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයෝ 44 දෙනෙක් එහි ගමන් කරමින් සිටියහ. ඊජිප්තු ජාතිකයන් 13 දෙනෙකු මෙන්ම ජර්මනිය,බ්‍රිතාන්‍ය, ඇමරිකාව ,පෝලන්තය ඇතුළු රටවල් 11 ක පුද්ගලයන් 31 දෙනෙකුද එහි ගමන් කරමින් සිට ඇත.බේරාගත් පුද්ගලයන් 28 දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සිටින බවද ආණ්ඩුකාරවරයා සඳහන් කරයි.
මේ අතර ඊජිප්තුවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අනතුරට මුහුණ දුන් චීන ජාතිකයන් දෙදෙනෙකු ඒ අසලින් ගමන් ගත් වෙනත් යාත්‍රාවක් විසින් බේරා ගෙන ඇති බවයි.ඔවුන් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සිටින බව චීන තානාපති කාර්යාලය කියා සිටී.
රළ පහරක් හේතුවෙන් විනාඩි කිහිපයක් ඇතුළත බෝට්ටුව ගිලී ගොස් තිබේ.