ඊජිප්තුවේ බෝට්ටුවක් ගිලීමෙන් තවත් පුද්ගලයන් 16ක් අතුරුදන්
2024-11-26 10:23:36
Share with:

ඊජිප්තුවේ බෝට්ටුවක් ගිලීමෙන් තවත් පුද්ගලයන් 16ක් අතුරුදන් වේ.

මෙම අනතුර රතු මුහුද ප්‍රදේශයේ දී ඊයේ(25) සිදුව ඇත. එම සිද්ධිය පිළිබඳව ඊජිප්තුවේ අදාළ ප්‍රාදේශීය ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඊජිප්තු ජාතිකයන් 13ක් හා ජර්මනිය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, චීනය හා ස්පාඤ්ඤය ඇතුළු රටවල් 11ක මගීන් 31ක් ද එම බෝට්ටුවේ සිටිය අතර මේ වනවිට තවත් ඊජිප්තු ජාතිකයන් 4ක් හා විදේශිකයන් 12ක් අතුරුදන් වී ඇති බවයි. මේ වනවිට පුද්ගලයන් 28ක් මුදා ගෙන තිබේ.  පුද්ගලයන් බේරා ගැනීම හා සිද්ධියේ හේතුව විමර්ශනය කිරීම සිදු කෙරෙමින් පවතී.

ඊජිප්තුවේ චීන තානාපති කාර්යාලය ඊයේ(25) පළ කළ නිවේදනයකට අනුව එම බෝට්ටුවේ සිටි චීන සංචාරකයන් දෙදෙනෙකු එම මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කළ සෙසු බෝට්ටු විසින් මුදා ගෙන ඇති අතර ඔවුහු යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වෙති.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම