චීන නිෂ්පාදිත කෙරේ සියයට 10ක අතිරේක තීරු බදු පනවන බවට ඩොනල්ට් ට්‍රම්ප් කළ ප්‍රකාශය පිළිබඳව චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි
2024-11-26 19:20:56
Share with:

චීන නිෂ්පාදිත කෙරේ සියයට 10ක අතිරේක තීරු බදු පනවන බවට ඇමරිකානු තේරී පත් වූ ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් කළ ප්‍රකාශය පිළිබඳව චීනය සිය ස්ථාවරය පැහැදිලි කරයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයා, මත්ද්‍රව්‍ය මර්දන ප්‍රශ්නය පිළිබඳව ඇමරිකාව පළ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද(26) මාධ්‍ය වේදියෙකුගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය.

චීනය සමග  fentanyl ඇතුළු මත්ද්‍රව්‍ය ගැටළු පිළිබඳව පැවැත්වූ සාකච්ඡා, ප්‍රගතියක් ලබා ගෙන නොමැති බවත් මත්ද්‍රව්‍ය විශාල වශයෙන් ඇමරිකාවට ගලා ආ බැවින් චීන නිෂ්පාදිත කෙරේ සියයට 10ක අතිරේක තීරු බදු පනවන බවත් ඇමරිකානු ජනපති ධුරයට තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍යයක සටහනක් තබමින් ප්‍රකාශ කළ බව මාධ්‍ය වේදියෙක් සඳහන් කළේය. මේ පිළිබඳ චීනයේ ස්ථාවරය කුමක් දැයි ඔහු විමසීය.

වසර 2019 fentanyl  ද්‍රව්‍ය, ‘සීමා කිරීමේ ඖෂධ නාමාවලියට’ ඇතුළත් කළ චීනය, ලෝකයේ එසේ කළ පළමු රට බව චීන ප්‍රකාශකයා පැවසීය. ‘fentanyl ප්‍රශ්නය’ ඇමරිකාවට ආවේණික ප්‍රශ්නයකි. කෙසේ වුවද මානුෂවාදී ජීවගුණයෙන්  චීනය ඇමරිකාවේ ‘fentanyl ප්‍රශ්නය’විසඳීමට සහාය ලබා දී තිබේ. දෙපාර්ශ්වය පුළුල්ව සිදු කරන මත්ද්‍රව්‍ය මර්දන සහයෝගතාවන්හී කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇත. අන්‍යෝන්‍ය වාසී හා අන්‍යෝන්‍ය ගරුත්වය පදනම්ව ඇමරිකාව සමග අඛණ්ඩව මත්ද්‍රව්‍ය මර්දන සහයෝගතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටී. ඇමරිකාව, චීනයේ කාරුණිකබව අගය කරමින් දෙරටේ මත්ද්‍රව්‍ය මර්දන සහයෝගතාවන්හි යහපත් වත්මන් තත්ත්වය ආරක්ෂා කිරීමට දායක විය  යුතු බව ද ඔහු කියා සිටියේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම