එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය සම්බන්ධයෙන් ඊයේ(25) රැස්වීමක් පැවැත්විය.
නොවැම්බර් 20 වැනිදා, ඇමරිකාවේ තනි නිෂේධ බලය හේතුවෙන් ගාසා තීරයේ කඩිනම් සටන් විරාමය ඇරඹීමේ ආරක්ෂක මණ්ඩලයේ ක්‍රියාවලිය අඩාල විය. ඉන්පසු දිනවලදී ගාසා තීරයේ තවත් සිවිල් වැසියන් සියයකට වඩා වැඩි ගණනක් මිය ගිය අතර, දිනෙන් දින තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී පෙන්වා දුන්නේ ය.
කොන්දේසි විරහිත සහ කල්පවත්නා කඩිනම් සටන් විරාමයක් ඇරඹීම සහ මානුෂීය ප්‍රවේශයට ඇති බාධා ඉවත් කිරීම ඉතා වැදගත් බව හෙතෙම අවධාරණය කර ඇත.
ආධාර ද්‍රව්‍ය ප්‍රවේශයට ඇති සියලු සීමාවන් ඊශ්‍රායලය වහාම ඉවත් කළ යුතු බවත්, ආසන්න පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සිය ඉලක්ක කරගත් පනත් කෙටුම්පත් ඉවත් කළ යුතු බවත් චීන නියෝජිතයා වැඩිදුරටත් පැවසීය.
මැදපෙරදිග තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවත්, ලෙබනනය, සිරියාව, ඉරානය සහ අනෙකුත් රටවලට එරෙහි ආක්‍රමණ සහ ප්‍රකෝප කිරීමේ හැසිරීම් ඊශ්‍රායලය වහාම නතර කළ යුතු බවත් Fu Cong මහතා එහිදී ප්‍රකාශ කර ඇත.