චීන ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ සංස්කෘතික නියෝජිත කණ්ඩායම තුර්කියේ සංචාරයක
2024-11-26 19:18:12
Share with:

චීන ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ සංස්කෘතික නියෝජිත කණ්ඩායමක් පසුගිය 20 වනදා සිට 24 වනදා දක්වා තුර්කියේ සංචාරය කරමින් සංස්කෘතික හුවමාරු වැඩසටහන් පැවැත්වූහ. තුර්කියේ Ankara අගනුවරට හා Istanbul නගරයට පැමිණි එම නියෝජිත කණ්ඩායම එරටේ ප්‍රධාන මාධ්‍ය ආයතන,  Marmara උපායමාර්ගික හා සමාජීය පර්යේෂණ පිළිබඳ අරමුදල මෙන්ම තුර්කි දේශප්‍රේමී පක්ෂය ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවල නියෝජිතයන් සමග අදහස් හුවමාරු කරගත්හ. 

නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ‘ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්ත පරිපාලන ක්‍රමෝපායන්’ පිළිබඳව පැහැදිලි කරමින් එම කණ්ඩායමේ විශේෂඥයෝ තුර්කියේ ඒ ඒ ක්ෂේත්‍රවල නියෝජිතයන්ට තම ප්‍රදේශයේ සංචාරය කිරීමට ආරාධනා කළහ. 

ආර්ථීක සංවර්ධනය, ජාතීන් අතර සමානාත්මතාවය, ආගමික සංහිඳියාව හා සංස්කෘතික උරුමයන් ඇතුළු ක්ෂේත්‍රවල ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය ලබා ගත් ජයග්‍රහණ එහිදී තුර්කියේ විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් ගේ පැසසුමට ලක්විය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම