පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසකට නායයාම් අනතුරු ඇගවීම්
2024-11-26 17:29:37
Share with:
දිවයිනේ ප්‍රදේශ රැසකට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 10 කට නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව අදියර දෙකක් යටතේ, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත්, ගාල්ල, මාතර, කලුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකටත් මෙම අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
මේ අතර පවතින ආපදා තත්ත්වය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200කට වැඩි තද වැසි ඇති වීමේ අවදානමක් ද පවතින බවයි.