චීන ව්‍යවසායන් කිහිපයකට එරෙහි සම්බාධක පැනවීම පිළිබඳව යුරෝපා සංගමය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(26) පැවති මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළ කළාය.
ජාත්‍යන්තර නීතියට අනුකූල නොවන ලෙස පදනම් විරහිතව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අවසරයකින් තොරව ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට චීනය සැම විටම විරෝධය පළ කරයි. චීන-රුසියානු ව්‍යවසායන් අතර නිසි හුවමාරු හා සහයෝගිතා තුන්වන පාර්ශ්වයන්ට එරෙහි නොමැත. එයට තුන්වන පාර්ශ්වයන්ගෙන් බාධා හා බලපෑම් එල්ල නොවිය යුතු බව ද ඇය මෙහිදී සඳහන් කළාය.
ද්විත්ව ප්‍රමිතීන් වළක්වා ගනිමින් සත්‍ය නොමැති තත්ත්වය යටතේ චීන ව්‍යවසායන්හි නාමයන්, සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කර චීනයට අපහාස කිරීම නතර කරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කළ බව Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.