විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය
2024-11-26 18:14:47
Share with:

රජයේ විධිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන්  විදේශ ආයෝජනයන්හි වැඩි උනන්දුවක් දක්නට ලැබෙන බැවින් එම ආයෝජන අවස්ථාවන්ට සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව  අවධානය යොමු කර ඇත.

ආසියානු සංවර්ධන බැංකුවේ නිලධාරීන් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී.අපෝන්සු මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානයයොමු විය.

ඒ අනුව බලශක්ති, නවීන කෘෂිකර්මාන්ත හා කාලගුණ විපර්යාස ක්ෂේත්‍රයන්හි පවතින ආයෝජන අවස්ථා පිළිබඳව  මෙහිදී සාකච්ඡා කෙරිණ.

සෘජු ආයෝජන අවස්ථා සහ රාජ්‍ය සහ පෞද්ගලික ඒකාබද්ධ ආයෝජන අවස්ථාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම