ඇමරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා පියාසර කිරීමට එරෙහිව චීනය ඵලදායී ප්‍රතිචාර දක්වයි
2024-11-26 16:36:08
Share with:

ඇමරිකානු හමුදාවට අයත් ගුවන් යානයක් තායිවාන සමුද්‍ර සන්ධිය හරහා පියාසර කරමින් ඒ පිළිබඳව  උද්දීපනය කර  අදහස් දැක්වීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර බලකායේ නාවික සහ ගුවන් හමුදා, ඇමරිකානු හමුදාවේ එම P-8A මුර සංචාරක ගුවන් යානය ලුහුබැඳ අනතුරු ඇඟවීම් සිදු කරමින් ඊට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වූ බව එම බලකායේ ප්‍රකාශක Cao Jun මහතා අද (26) ප්‍රකාශ කළේය.

එම සිද්ධිය පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශ, අදාළ නීති හා මූලධර්ම විකෘති කරන අතර, ජාත්‍යන්තර අවබෝධය නොමඟ යවන්නක් බව ද ඔහු පෙන්වා දුන්නේය. උද්දීපනය කිරීම නතර කර එක්ව කලාපීය සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කරන ලෙස චීනය ඇමරිකාවෙන් තරයේ ඉල්ලා සිටින බව ද  Cao Jun මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම