මෙක්සිකෝව සමග ආර්ථික හා වෙළඳ සම්බන්ධතාව තහවුරු කිරීමට චීනය සූදානම් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කරයි.
ඇය එසේ ප්‍රකාශ කළේ බෙයිජිංහි අද(26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. චීන නිෂ්පාදිත, මෙක්සිකෝව හරහා ඇමරිකාව හා කැනඩාවට ප්‍රවේශවන බවට පැවසෙන කියමන මෙක්සිකෝ ජනාධිපතිවරිය නිෂේධ කළ අතර, චීන නිෂ්පාදිත, මාර්ග රැසකින් උතුරු ඇමරිකානු වෙළඳපොළට ප්‍රවේශ වන්නේ යැයි ඇය පැවසූ බව, මාධ්‍යවේදියෙක් එහිදී සඳහන් කළේය. චීනය මෙක්සිකෝ පාර්ශ්වයේ ප්‍රකාශය අගය කරන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කළේය.
Claudia Sheinbaum Pardo ජනාධිපතිනියගේ එම ප්‍රකාශය චීනයේ අවධානයට ලක්වූ බව මාඕ නිං මහත්මිය පැවසුවාය. චීනය ජාත්‍යන්තර රෙගුලාසි හා වෙළඳපොලේ මූලධර්මයන්ට අනුකූලව විවිධ රටවල් සමග වෙළඳ සහයෝගතා පවත්වන අතර, අන්‍යෝන්‍ය වාසී හා පොදු ජයග්‍රහණ එහි මූලික ස්වභාවය බව මාඕ නිං මහත්මිය කියා සිටියි. ආර්ථික හා වෙළඳ ප්‍රශ්නය, දේශපාලනීකරණය කිරීම කවර හෝ පාර්ශ්වයක වාසියට නොගැලපෙන බව ද ඇය කීවාය.
චීන ආනයනයන්, මෙක්සිකෝවේ නිෂ්පාදන කර්මාන්තයේ වර්ධනය හා විදේශ වෙළඳ තරගකාරීත්වය ඉහල නැංවීම සඳහා වැදගත් කාර්යභාරයන් ඉටු කර ඇති අතර මෙක්සිකෝ ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභ ගෙන දී තිබේ. විධිමත් හා ස්ථාවර ආර්ථික වෙළඳ සම්බන්ධතාවයක් පවත්වා ගෙන යාම, චීන-මෙක්සිකෝ දෙපාර්ශ්වයේ පොදු අපේක්ෂාවක් හා තිරසර ප්‍රතිලාභයට අනුකූල වේ. යහපත් ද්විපාර්ශ්වික ආර්ථික වෙළඳ සහයෝගතාව තහවුරු කිරීමෙන් සිය රටේ ස්වයං සංවර්ධනය ඉදිරියට ගෙන යාමට චීනය මෙක්සිකෝව සමග එක්ව උත්සාහ දරනු ඇති බව ද මාඕ නිං මහත්මිය සඳහන් කර ඇත.