චීන-සැමෝවා සබඳතාව චීන විදේශ අමාත්‍යංශය අගය කරයි
2024-11-26 18:19:03
Share with:

සැමෝවා අග්‍රාමාත්‍යවරියගේ චීන නිල සංචාරය නිමිත්තෙන් චීන විදේශ අමාත්‍යංශය චීන-සැමෝවා සබඳතාව පිළිබඳව අදහස් දක්වයි.

සැමෝවා රාජ්‍යය, චීනය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවන ලද මුල් ම ශාන්තිකර දූපත් රටවලින් එකක් වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (26) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නාය. චීනය සමඟ “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙලේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කර ඇති මුල්ම ශාන්තිකර දූපත් රට සැමෝවාව වන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

ශාන්තිකර දූපත් රටවල් සමඟ සබඳතා සංවර්ධනය කිරීමේදී චීනය සැම විට ම “සම්පූර්ණයෙන් ගරු කිරීම” පිළිබඳ මූලධර්මය  අනුගමනය කරමින්, එම රටවලට කිසිදු දේශපාලන කොන්දේසියකින් තොරව ආර්ථික හා තාක්ෂණික සහායන් ලබා දෙන බව ඇය පෙන්වා දුන්නාය. සමානාත්මතාවය, ‍අන්‍යෝන්‍ය ගරු කිරීම, පොදු ජයග්‍රහණ ලබා ගැනීම හා විවෘතභාවය මත පදනම්ව සැමෝවා රාජ්‍යය සමඟ චීනය අඛණ්ඩව පුළුල් සහයෝගිතාව සිදු කරනු ඇති අතර, ශාන්තිකර රටවල සංවර්ධනය සඳහා ද චීනය දායක වනු ඇති බව Mao Ning මහත්මිය කියා සිටියාය.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම