‘චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ෂී ජින්පිං මහතාගේ ප්රකාශනවල උපුටා ගැනීම්’ යන ග්‍රන්ථය අරාබි භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරේ.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ‘පක්ෂ ඉතිහාසය හා ලිපිලේඛන අධ්‍යයන ආයතනය’ විසින් සංස්කරණය හා පරිවර්තනය කිරීමෙන් අනතුරුව ‘මධ්‍යම සංස්කරණ හා පරිවර්තන ප්‍රකාශන ආයතනය’ හරහා එම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර බෙදා හැරීම ආරම්භ කෙරේ.
මෙම ග්‍රන්ථය සහ මීට පෙර ප්‍රකාශයට පත් කෙරුණු එම ග්‍රන්ථයේ ඉංග්‍රීසි, ප්‍රංශ හා රුසියා සංස්කරණ, පාඨකයින්ට චීන මාදිලියේ නවීකරණය පිළිබඳ සිද්ධාන්ත පද්ධතිය හා ප්‍රායෝගික අවශ්‍යතාව අධ්‍යයනය කිරීමට උපකාරී වනු ඇත. එසේම චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව මෙහෙයවා චීන මාදිලියේ නවීකරණයේ සාර්ථක මාර්ගය, මානව ශිෂ්ටාචාරයේ නව ආකෘතිය බිහි කරමින් සාමකාමී සංවර්ධනය, අන්‍යෝන්‍ය වාසීසහගත සහයෝගතා හා පොදු සමෘද්ධිය පිළිබඳ ලෝක නවීකරණය ඉටු කිරීමේ චින්තනය පිළිබඳව එම ග්‍රන්ථය හරහා පාඨකයින්ට ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට හැකි වනු ඇත.