දෙවැනි ‘Liangzhu සංසදය’අද(25) චීනයේ Zhejiang පළාතේ Hangzhou නගරයේ දී ආරම්භ විය. එම සංසදය චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය, චීන ජාතික පුරා වස්තු දෙපාර්තමේන්තුව මෙන්ම Zhejiang පළාත් රජය විසින් ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
“ශිෂ්ටාචාර හුවමාරු පිළිබඳ අන්‍යෝන්‍ය ඉගෙනීම සහ මානව ශිෂ්ටාචාරයේ නව ආකෘති” යන්න තේමා කරගත් එම සංසදය වෙනුවෙන් රටවල් හා ප්‍රදේශ 60ක පුරාවිද්‍යාඥයන්, ලේඛකයන් හා සංගීතඥයන් 300 කට වැඩි පිරිසකට ආරාධනා කර ඇත.
සංස්කෘතික උරුම, සාහිත්‍යය, සංගීතය යන ප්‍රධාන ක්ෂේත්රවලට මෙවර සංසදය අවධානය යොමු කර ඇත. ශිෂ්ටාචාර හුවමාරු පිළිබඳ අන්‍යෝන්‍ය ඉගෙනීම සහ චින්තන රටාව මෙන්ම ඊට අදාළ පර්යේෂණ තහවුරු කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීමේ මාර්ග සොයා ගැනීම, සහයෝගිතා දිශානතිය සැලසුම් කිරීම මෙන්ම ඒ ඒ රටවල සංස්කෘතික ක්ෂේත්‍ර එක්ව ගෝලීය ශිෂ්ටාචාර මුල්පිරුම ක්‍රියාත්මක කිරීම යන කරුණු එහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.