ඊශ්‍රායල-ලෙබනන් සටන් විරාම ගිවිසුම් කෙටුම්පතට ඊශ්‍රායලයේ එකඟතාව
2024-11-25 11:26:25
Share with:
ඊශ්‍රායල-ලෙබනන් සටන් විරාම ගිවිසුම් කෙටුම්පතට ඊශ්‍රායලය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කරයි.
ඊශ්‍රායල මහජන ගුවන් විදුලි සංස්ථාව ඊයේ(24) රාත්‍රි මේ බව වාර්තා කළේය.
එම කෙටුම්පත ජනතාවට නිකුත් කරන්නේ කෙසේදැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අධ්‍යයනය කරමින් සිටින බව එහි සඳහන් විය.
ලෙබනන් හිස්බුල්ලා සංවිධානය සටන් විරාම ගිවිසුම කඩකළහොත් ඊශ්‍රායලයට ඒකපාර්ශ්විකව ක්‍රියාමාර්ග ගත හැකි යැයි අමෙරිකාව ඊශ්‍රායලයට සහතික වී තිබෙන බව ද වාර්තා විය.
මේ වන විට ඊශ්‍රායල බලධාරීන් ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වා නොමැත.