එකම චීනය මූලධර්මය අනුගමනය කරන නිවැරදි මාවතට යළි අවතීර්ණ වන ලෙස චීනය ලිතුවේනියාවෙන් ඉල්ලා සිටී
2024-11-25 16:39:26
Share with:

චීන-ලිතුවේනියා සබඳතාව පිළිබඳව චීන විදේශ අමාත්‍යංශය චීනයේ ස්ථාවරය පැහැදිලි කරයි.

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ලිතුවේනියාව සිදු කළ වැරදි ක්‍රියාවන් චීන-ලිතුවේනියා සබඳතාවට බාධා පැමිණීමට මූලික ම හේතුව බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවාය.

සාකච්ඡා සඳහා චීනය සැමවිටම සිය දොර විවෘත කරන බව ඇය එහිදී පෙන්වා දුන්නාය. එබැවින් ද්විපාර්ශ්වික සබඳතා යථා තත්ත්වයට පත් කිරීම සඳහා, එකම චීනය මූලධර්මය අනුගමනය කරන නිවැරදි මාවතට යළි අවතීර්ණ වන ලෙසත්, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම පිළිබඳ නිවේදනයේදී සිදු කෙරුණු දේශපාලන පොරොන්දු අඛණ්ඩව ඉටු කරන ලෙසත්, චීනය ලිතුවේනියාවෙන් ඉල්ලා සිටින බව Mao Ning මහත්මිය අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම