දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ චීන සමුළුව පැවැත්වෙයි
2024-11-25 09:27:53
Share with:

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 29 වැනි සම්මන්ත්‍රණය හා සම්බන්ධ චීනයේ දේශගුණික සමුළුව පැවැත්විණ. සමුළුවේ තේමාව වන්නේ "මීතේන් විමෝචනය පාලනය කිරීමට චීනයේ ධනාත්මක ක්‍රියාමාර්ග" යන්නයි. මීතේන් හඳුනාගැනීම, වාර්තා කිරීම සහ සත්‍යාපන පද්ධති ගොඩනැගීමේ අත්දැකීම, ජාත්‍යන්තර සහයෝගීතාවය සහ තාක්ෂණ හුවමාරුව වැනි කරුණු පිළිබඳව චීන සහ විදේශීය විශේෂඥයින් 100කට අධික පිරිසක් ගැඹුරු සාකච්ඡා පැවැත්වූ අතර මීතේන් විමෝචනය පාලනය කිරීම සඳහා චීනයේ ධනාත්මක ක්‍රියාමාර්ග කෙරෙහි පුළුල් අවධානයට ලක්ව ඇත.

චීන ජෛව පරිසර උප ඇමති Zhao Yingmin මහතා එහි දී දේශනයක් පැවැත්වීය. 2023 වසරේ නොවැම්බර් මාසයේ "මීතේන් විමෝචන පාලන ක්‍රියාකාරී සැලැස්ම" නිකුත් කිරීමෙන් පසු චීනය මීතේන් විමෝචන සාධක පිළිබඳ දේශීයකරණ පර්යේෂණ තවදුරටත් ගැඹුරු කරන බවත් ගල් අඟුරු ආකර වායු පාලනයට අදාළ ප්‍රතිපත්ති සහ සම්මත පද්ධති වැඩිදියුණු කරන බවත් ඔහු පැවසීය. මෙවර සමුළුව හරහා සංවාදය සහ සහයෝගීතාවය සඳහා වේදිකාවක් ගොඩනඟා ගනිමින්, චීන මීතේන් විමෝචන පාලන ක්‍රම බෙදාහදා ගැනීමට මෙන්ම දේශගුණික විපර්යාස සඳහා ගෝලීය ප්‍රතිචාරයට ඒකාබද්ධව දායක වීමට එක් වන ලෙස ඔහු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම