ඇමරිකානු චිප නිෂ්පාදන චීනයට අපනයනය කිරීමට අදාළව සීමා පැනවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2024-11-25 19:30:41
Share with:

ඇමරිකානු චිප නිෂ්පාදන චීනයට අපනයනය කිරීමට අදාළව සීමා පැනවීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය පළ කෙරේ. 

එළඹෙන සතියේ දී  චිප නිෂ්පාදන චීනයට අපනයනය කිරීම සම්බන්ධ සීමා පැනවීමේ පියවර ජොන් බයිඩන් රජය විසින් නිකුත් කරනු ඇති බව ඇමරිකානු ව්‍යණිජ මණ්ඩලය ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් අද (25) චීන විදේශ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී එහි ප්‍රකාශිකා Mao Ning මහත්මිය ප්‍රතිචාර දක්වූවාය.

ඇමරිකාව ජාතිකාරක්ෂක සංකල්පය අයුතු ලෙස භාවිත  කරමින් ගන්නා පියවරයන්ට චීනය සැම විමට විරුද්ධ බව ඇය සඳහන් කළාය. චීනය මර්දනය කිරීම සඳහා අපනයන සීමා පියවර අයුතු ලෙස භාවිත කිරීම, වෙළඳ ආර්ථික නීතිය හා සාධාරණ තරඟ කිරීමේ මූලධර්මය දැඩි උල්ලංඝනය කිරීමකි. එමෙන්ම එය ජාත්‍යන්තර ආර්ථික වෙළඳ පටිපාටිය විනාශ කර ගෝලීය නිෂ්පාදන හා සැපයුම් දාමයේ ස්ථාවරත්වය බාධා කරන්නක් වන අතර අවසානයේ දී එය සියළු රටවල ප්‍රතිලාභයන්ට හානි සිදු කරනු ඇත. චීනය දැඩි පියවර යොදා ගනිමින් චීන ව්‍යවසායන්ගේ නිත්‍යානුකූල අයිතිවාසිකම් හා ජයග්‍රහණ සහතික කරනු ඇතැයි ද Mao Ning මහත්මිය පැවසුවාය. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම