අ.පො.ස. උසස් පෙළ විභාගය අද සිට ඇරඹේ
2024-11-25 18:16:08
Share with:
2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ආරම්භ වේ. ඒ අනුව අද දිනයේ සිට දෙසැම්බර් මස 20 වන දින දක්වා මධ්‍යස්ථාන 2312 දී විභාගය පැවැත්වීමට නියමිතය.
මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඉන් 253,390 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වේ.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග පැවැත්වෙන කාල සීමාවන් තුළ යම් බාධාවන් ඇති වුවහොත්, ඊට නිසි පියවර ගැනීමට සූදානමින් සිටින බව ද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී ඇත.