දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනය හෙට ඇරඹේ
2024-11-25 15:24:36
Share with:

දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනය හෙට (26) සිට 30 වැනිදා දක්වා බෙයිජිං අගනුවර දී පැවැත්වේ.

සැපයුම් දාමයන්හි නව නිෂ්පාදනයන්, තාක්ෂණයන්, ශිල්පීන් මෙන්ම නව අමු ද්‍රව්‍ය මෙවර ප්‍රදර්ශනයේදී දැක ගත හැකිය. ඒ අතරින් ප්‍රථම වරට එළි දැක්වීමට නියමිත නිෂ්පාදනයන් 70 කට වඩා වැඩි බව වාර්තා වෙයි.

මේ වන විට, රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 69 ක ව්‍යවසායන් 700 කට ආසන්න ප්‍රමාණයක් එම ප්‍රදර්ශන ශාලාවට පිවිස ඇත. එමෙන්ම 100 කට වැඩි රටවල හා කලාපවල පුද්ගලයින් මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා ලියාපදිංචිව ඇත. එසේම උසස් මට්ටමේ විදේශ ගැණුම්කරු කණ්ඩායම් 80කට ආසන්න සංඛ්‍යාවක් මෙවර ප්‍රදර්ශනයට සහභාගි වනු ඇති අතර, එහි පරිමාව පළමු චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.

මෙවර ප්‍රදර්ශනයට එක් වන විදේශ ව්‍යවසායන් අනුපාතය ද පළමු ප්‍රදර්ශනයේ දී වාර්තා වූ 26% ක අගයට වඩා සියයට 32 දක්වා ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම