අමාත්‍යාංශ දෙකක නව ලේකම්වරු පත් කෙරේ
2024-11-25 18:15:46
Share with:
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබේ.
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පිරිනැමිණ.
ඒ අනුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය පත් කර ඇති අතර, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යංශයේ ලේකම්වරිය ලෙස මලර්මතී ගංගාධරන් මහත්මිය පත් කර ඇත.