මැදපෙරදිග කලාපීය ආරක්ෂක අවදානම තවදුරටත් උග්‍රවීම වැළැක්වීමට ඒ ඒ පාර්ශ්වයන් පියවර ගත යුතු බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(25) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. මැදපෙරදිග තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය.
වර්තමානයේ මැදපෙරදිග ප්‍රදේශ තත්ත්වය අධික නොසන්සුන් තත්ත්වයක පවතී. අදාළ පාර්ශ්වයන් එහි ප්‍රදේශයේ සමස්ත ආරක්ෂක අවදානම තවදුරටත් උග්‍රවීම වැළැක්විය යුතු බව ඇය සඳහන් කළාය. ජගත් සමාජය විශේෂයෙන්ම දැඩි බලපෑම් සහිත විශාල රටවල් සැබෑ ලෙස ක්‍රියාකාරී කර්යභාරයක් ඉටු කරමින් ප්‍රාදේශීය නොසන්සුන් තත්ත්වය ලිහිල් කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවර ගත යුතු ය. චීනය සිය බලපෑම් අඛණ්ඩව පතුරවමින් ප්‍රාදේශීය සාමය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරනු ඇති බවද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.