විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණවල වර්ධනයක්
2024-11-24 17:29:07
Share with:

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණවල විශාල වර්ධනයක් පෙන්නුම් කරමින් මේ වසරේ පළමු කාර්තු තුනක කාලයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 4,844ක විදෙස් ප්‍රේෂණ ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 

ඒ අනුව පසුගිය 2023 වසරේ මුල් මාස නවයක කාලයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 4,345ක විදෙස් ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙන අතර, ඒ අනුව මේ වසරේ එම කාලයේ දී ප්‍රේෂණවල සියයට 11.5ක වර්ධනයක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවෙන් පෙන්වා දෙයි.එමෙන්ම මේ වසරේ මාර්තු මාසයේ සිට මාසික විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක අගය ඉක්මවා තිබීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම