ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට
2024-11-24 17:31:04
Share with:

ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයේ දෙවන ස්ථරයේ ඉදිරියට යන රටක් ලෙස ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව සිය සයිබර් ආරක්ෂණ රාමුව වැඩිදියුණු කිරීමේ දී කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 

මේ ජයග්‍රහණය කලාපයේ ශ්‍රී ලංකාවේ වර්ධනය වන නායකත්වය සහ තීරණාත්මක ක්ෂේත්‍ර හරහා සයිබර් ආරක්ෂණ භාවිතය වැඩිදියුණු කිරීමට එහි කැපවීම පෙන්වා දෙනු ඇත. ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) හඳුන්වා දුන් ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකය, සයිබර් ආරක්‍ෂාව සඳහා රටවල් දක්වන කැපවීම ඇගයීම සඳහා විශ්වසනීය ගෝලීය මිනුම් ලකුණක් ලෙස කටයුතු කරන බව ද එම සංසදය පෙන්වා දෙයි.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම