ජාත්‍යන්තර කාබන් වෙළඳාම අරඹමින් පැරිස් ගිවිසුමේ 6 වන වගන්තිය පිළිබඳ සාකච්ඡා අවසන් කෙරේ
2024-11-24 16:15:30
Share with:

ගෝලීය දේශගුණික අරමුණු සඳහා සහාය වීම වෙනුවෙන් ජාත්‍යන්තර කාබන් වෙළඳාම සිදු කිරීමට හැකි වන පරිදි පැරිස් ගිවිසුමේ 6 වන වගන්තිය පිළිබඳ සාකච්ඡා අවසන් කර තිබේ. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ (COP29) පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ 29 වැනි සැසිවාරයේ දී ඊයේ(23) මේ බව ප්‍රකාශයට පත් කළේ ය.

අදාළ වගන්තිය යටතේ ජාතික දේශගුණික සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 250ක් පමණ ඉතිරි කර ගත හැකි පරිදි කාබන් විමෝචනය අවම කිරීමට රටවල් සඳහා සහයෝගයෙන් යුතුව ක්‍රියා කළ හැකි විශ්වාසදායක සහ විනිවිදභාවයකින් යුත් කාබන් වෙළෙඳපොළක් නිර්මාණය කරයි.

මෙහිදී COP29 සභාපති Mukhtar Babayev මහතා පැවසුවේ දේශගුණික විපර්යාස ජාත්‍යන්තර අභියෝගයක් වන අතර 6 වැනි වගන්තිය මගින් ඒ සඳහා අන්තර්ජාතික විසඳුම් නිර්මාණය කර ඇති බවයි.

පාරිසරික තිරසර බව සහතික කරමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සැලකිය යුතු ආයෝජනයක් කිරීමට ද මෙමගින් හැකි වනු ඇත. මීට පෙර පැවති COP රැස්වීම්වලදී මේ සම්බන්ධයෙන් නිසි එකඟතාවකට පැමිණීමට අපොහොසත් විය. නමුත් මෙවර COP29 හි ද්විත්ව ප්‍රවේශය එම සීමාවන් බිඳ දමමින් 6 වැනි වගන්තිය සඳහා අවසාන රීති ඒකමතිකව සම්මත කර ගැනීමට සමත් වී ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම