නීත්‍යනුකූල හමුදා පරිපාලනය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් අදහස් යන කෘතිය මෑතකදී චීන හමුදාව පුරා බෙදා හැරේ. නීත්‍යනුකූලව හමුදා පරිපාලනය සිදු කළ යුතු ආකාරය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ වැදගත් අදහස් සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කිරීම හා නීත්‍යනුකූලව හමුදාව පරිපාලන උපායමාර්ගය පුළුල්ව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් චීන මධ්‍යම යුද කොමිසමේ අවසරය මත එම කොමිසමේ දේශපාලන හා නීති කමිටුව එම කෘතිය සංස්කරණය කර ඇත.
2012 වසරේ නොවැම්බර් මස සිට 2024 වසරේ ජූනි මස දක්වා කාලය තුළ ෂී ජින්පිං මහතාගේ දේශන, ප්‍රකාශ ඇතුළු වැදගත් ලිපිවල අන්තර්ගතයන් ඇතුළත් මෙම කෘතියෙන් විශේෂංග 10කින් නීත්‍යනුකූල හමුදා පරිපාලනය පිළිබඳ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ නව සංකල්පය පිළිබිඹු කෙරේ.