6වන හයිනාන් ජාත්‍යන්තර සිනමා උළෙල ලබන මස 4වැනිදා සිට 10වැනිදා දක්වා චීනයේ හයිනාන් පළාතේ සන්යා නගරයේ දී පැවැත්වීමට නියමිතය. එය චීනයේ ජාතික චිත්‍රපට පරිපාලනය විසින් සංවිධාන කරන ලද අතර, චීන මාධ්‍ය සමූහය සහ හයිනාන් පළාත් මහජන රජය ද සම-දායකත්වය ලබා දෙයි. "From Oceans, With Visions" යන්න එහි තේමාවයි.
සුප්‍රසිද්ධ ප්‍රංශ අධ්යක්ෂ Luc Besson මහතා මෙම සිනමා උළෙලේ ජාත්‍යන්තර ජූරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි. එමෙන්ම, ලෝක ප්‍රසිද්ධ සිනමා තාරකාවක් වන Sophie Marceau මහත්මිය විශේෂ ආරාධනයෙන් මෙහි තානාපතිනිය ලෙස කටයුතු කරනු ඇත. ප්‍රසිද්ධ චීන රංගන ශිල්පී Ge You මහතා නව වසරේ තානාපතිවරයායි.
මෙහිදී, දෙස් විදෙස් වැදගත් අමුත්තන් සන්යා නගරයේ දී රැස්වෙමින්, චීන සහ විදේශීය චිත්‍රපට සහයෝගීතාව සහ හුවමාරුව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.