"2024 සිට 2028 දක්වා විශ්වසනීය දත්ත අවකාශය සංවර්ධනය සඳහා ක්‍රියාකාරී සැලැස්ම" මෑතකදී පළ කෙරිණ. එයට අනුව, 2028 වසර වන තෙක්, චීනය විශ්වසනීය දත්ත අවකාශ 100කට වඩා ඉදි කරනු ඇතැයි, චීන ජාතික දත්ත කාර්යාංශය අද(23) සඳහන් කළේ ය.
විශ්වසනීය දත්ත අවකාශය යනු දත්ත සම්පත් හුවමාරු කර ගැනීම සඳහා, සම්මුති නීති මත පදනම්ව බහුපාර්ශ්වයන් සම්බන්ධ කරන දත්ත සන්නිවේදන හා භාවිත යටිතල පහසුකම් වර්ගයකි. මෙය ජාතික ඒකාබද්ධ දත්ත වෙළඳපොළක් ඉදිකිරීම සඳහා වැදගත් වාහකයක් වනු ඇත.
මෙම ක්‍රියාකාරී සැලැස්ම ප්‍රධාන මෙහෙයුම් තුනකින් සමන්විත ය. ඒ, විශ්වසනීය දත්ත අවකාශයේ ධාරිතාව ගොඩනැගීම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමෙන්, විශ්වසනීය දත්ත අවකාශය සඳහා මූලික නිපුණතා පද්ධතියක් ගොඩනැගීමයි. දෙවැන්න විශ්වසනීය දත්ත අවකාශය සංවර්ධනය සහ ප්‍රවර්ධනය කිරීමෙන්, විවිධ දත්ත අවකාශයන්හි සිද්ධි නවෝත්පාදනය, ආකෘති නවෝත්පාදනය සහ යාන්ත්‍රණ නවෝත්පාදනය ගවේෂණය කිරීමයි. එසේම විශ්වසනීය දත්ත අවකාශයේ පදනම ස්ථාපිත කිරීමෙන්, දත්ත අවකාශයේ සංවර්ධන පදනම ශක්තිමත් කිරීමයි.
දත්තවල වටිනාකම සම්පූර්ණයෙන්ම මුදා හැරීමට මෙන්ම, ජාතික ඒකාබද්ධ දත්ත වෙළඳපොලක් ගොඩනැගීම සඳහා, චීන ජාතික දත්ත කාර්යාංශය අදාළ දෙපාර්තමේන්තු සමග, සමස්ත සම්බන්ධීකරණය ශක්තිමත් කරන අතර, මූල්‍ය ආධාර වැඩි කරනු ඇත. එසේම කුසලතා පුහුණුව වේගවත් කරමින්, හුවමාරු සහ සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමට ද අපේක්ෂා කෙරේ.