එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන 2025 වසරේ ගෝලීය ඉදිරි දැක්ම පිළිබඳ වාර්තාව නිකුත් කරයි.
එම වාර්තාව පෙන්වා දෙන පරිදි 2025 වසරේ කුසගින්නේ පෙළෙන ජනතාවට ආධාර කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 16.9ක මුදලක් අවශ්‍ය ය. එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන විසින් ආධාර කරන රටවල් හා ප්‍රදේශයන්හි වත්මන් ආහාර සුරක්ෂිත තත්ත්වය ඇස්තමේන්තු කිරීම හා 2025 වසරේ කුසගින්න පිළිබඳ ප්‍රශ්නයට මුහුණදීමේ ක්‍රියාකාරී සැලැස්ම ද එම වාර්තාවට ඇතුළත් ය. මේ වනවිට රටවල් 74ක පුද්ගලයන් මිලියන 343ක් ආහාර සුරක්ෂිත නොවීම පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටිති. එය පසුගිය වසරේ අගයට වඩා සියයට 10කින් මෙන්ම කොවිඩ් වසංගතය මතුවීමට පෙර පැවති අගයට වඩා මිලියන 200කින් ද වැඩි ය. බොහෝ රටවලට ආධාර සිදු කිරීම ක්‍රමයෙන් අසීරු වෙමින් පවතින අතර එහි පිරිවැය පෙරට වඩා වැඩි වී තිබේ.
මේ වසරේ මුදල් හිඟය හේතුවෙන් එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන ආධාර පරිමාණය අඩු කර ඇත. වැඩි ජීවන අවදානම් සහිත ඇතැම් පිරිස් සඳහා ආධාර ලබා ගැනීම ද වඩාත් අසීරු වී තිබේ.
එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහනේ විධායක ලේකම් Cindy McCain මහත්මිය පැවසුවේ ගැටුම්, දේශගුණ විපර්යාස හා ආර්ථික ආරවුල් හේතුවෙන් ගෝලීය මානව හිතවාදී අවශ්‍යතාව අඛණ්ඩව වැඩි වූ බවයි. කුසගින්න තුරන් කිරීම වෙනුවෙන් ජගත් ප්‍රජාවේ මූල්‍ය හා රාජ්‍යතාන්ත්‍රික සහාය අවශ්‍ය බව ද ඇය සඳහන් කර ඇත.