ඊශ්‍රායලයෙන් ලෙබනනයේ නේවාසික ගොඩනැගිල්ලකට රොකට් ප්‍රහාර
2024-11-23 15:38:25
Share with:
ඊශ්‍රායලයේ ප්‍රහාරක ගුවන් යානා අද(23) ලෙබනනයේ Beirut අගනුවර නේවාසික ගොඩනැගිල්ලකට රොකට් ප්‍රහාර දියත් කර තිබේ. Fathallah වීදියේ Basta Fawka ප්‍රදේශයේ ගොඩනැගිල්ලක‍් ඉලක්ක කර අවම වශයෙන් රොකට් ප්‍රහාර හතරක් එල්ල කර ඇති බවත්, එම ප්‍රහාරවලින් ජීවිත හානි ද සිදුව ඇති බවත් එරට ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් වන al Jadeed වාර්තා කර ඇත.
මෙම ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 5ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මුදාගැනීම් සහ සුන්බුන් ඉවත් කිරීම තවමත් සිදුවෙමින් පවතී. ඊශ්‍රායල මාධ්‍ය මීට පෙර වාර්තා කළේ එම ප්‍රහාරයේ ඉලක්කය හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන Talal Hamia විය හැකි බවයි.