වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
2024-11-22 17:29:16
Share with:

චීනය සහ විදේශ රටවල් අතර පිරිස් හුවමාරුව තවදුරටත් පහසු කිරීම සඳහා, වීසා රහිත රටවල විෂය පථය පුළුල් කිරීමට චීනය තීරණය කර ඇති බව, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

2024 වසරේ නොවැම්බර් මස 30වැනිදා සිට 2025 වසරේ දෙසැම්බර් මස 31වැනිදා දක්වා, බල්ගේරියාව, රුමේනියාව සහ ජපානය යන රටවල් 9ක සාමාන්‍ය ගමන් බලපත්‍ර හිමියන්ට, චීනයට පැමිණෙන විට වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඊට අමතරව, වීසා රහිතව ප්‍රවේශ වීමේ හේතුව ලෙස හුවමාරු සංචාර ඇතුළත් කිරීමටත් චීනය තීරණය කර තිබේ. වීසා රහිතව රැඳී සිටීමේ කාලය, දැනට පවතින දින 15 සිට දින 30 දක්වා දීර්ඝ කරන බව ද චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

2024 වසරේ නොවැම්බර් මස 30වැනිදා සිට, ඉහත සඳහන් රටවල් 9 ඇතුළු වීසා රහිත රටවල් 38ක සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට, ව්‍යාපාර කිරීම, සංචාරය කිරීම, ඥාතීන් හෝ මිතුරන් හමු වීම සහ හුවමාරු සංචාර සඳහා චීනයට පැමිණෙන විට, දින 30 කට අඩු වීසා රහිත සංක්‍රමණ පහසුකම් ද ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම