චීන ජනපති සහ මොරොක්කෝ ඔටුන්න හිමි කුමරු අතර හමුවක්
2024-11-22 17:28:32
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මොරොක්කෝවේ ඔටුන්න හිමි Moulay Al Hassan කුමරු හමුවෙයි. ඒ ෂී ජින් පිං මහතා බ්‍රසීල වේලාවෙන් 21වැනිදා රාත්‍රියේ එරට නිල සංචාරය නිමවා විශේෂ ගුවන් යානයකින් ආපසු චීනය බලා පැමිණෙන අතරතුර කැසබ්ලැන්කා හි සිදු කළ තාක්ෂණික නැවතුමකදීය.

මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු විසින් නම් කරන ලද මොරොක්කෝවේ ඔටුන්න හිමි Hassan කුමරු සහ අගමැති Aziz Akhennouch මහතා ෂී ජින් පිං මහතා පිළිගැනීමට විශේෂයෙන් ගුවන්තොටුපළට පැමිණ පිළිගැනීමේ උත්සවයක් පවත්වා තිබේ.

චීනය සහ මොරොක්කෝව අතර සබඳතා මනාව වර්ධනය වෙමින් පවතින අතර දෙපාර්ශ්වය අතර ප්‍රායෝගික සහයෝගීතාව ප්‍රතිඵල රැසක් අත්පත් කරගෙන තිබෙන බව ෂී ජින් පිං මහතා එම හමුවේදී සඳහන් කළේය. මොරොක්කෝවට සිය රටේ ආරක්ෂාව හා ස්ථාවරත්වය සහතික කිරීමට චීනය සහාය දක්වනු ඇත. එකිනෙකාගේ කේන්ද්‍රීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය ලෙස අනුබල දෙමින් දෙරට අතර ප්‍රායෝගික සහයෝගීතා තුළින් වඩාත් කැපී පෙනෙන ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මොරොක්කෝව සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මොරොක්කෝ රාජකීය පවුල සහ රජය මොරොක්කෝ-චීන සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා තරයේ කැපවී සිටින අතර චීනය සමඟ උසස් මට්ටමේ සම්බන්ධ පවත්වා විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා ශක්තිමත් කිරීමට තම රට කැමැත්තෙන් සිටින බව Hassan කුමරු එහිදී ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම