කොරියානු අර්ධද්වීපය ප්‍රබල ආරක්ෂක තත්ත්වයක පසු වන බව උතුරු කොරියානු නායකයා පවසයි.
උතුරු කොරියාවේ ‘ජාතික ආරක්ෂක සංවර්ධනය-2024’ අවි ආයුධ ප්‍රදර්ශනය ඊයේ(21) පියොන්යොන්ග් අගනගරයේදී ඇරඹිණ. උතුරු කොරියානු කම්කරු පක්ෂ මහලේකම්, රාජ්‍ය කටයුතු කමිටු සභාපති කිම් ජොන්-උන් මහතා එහි ආරම්භක උළෙලට එක් වෙමින් දේශනයක් කළේය.
2024 වසරේ ඇමරිකාව හා එහි සන්ධාන රටවල් ද්වේශසහගත ආකල්පයක සිට ඉතිහාසයේ උපරිම ලෙස සිදු කරන එදිරිවාදිකම් හමුවේ උතුරු කොරියාව ඍජු ව ඊට මුහුණදෙමින් ජාතික ආරක්ෂක සංවර්ධනයේ වැදගත් ජයග්‍රහණ දිනා ගෙන ඇතැයි ඔහු පැවසීය.
ඇමරිකාව සමග සිදු කළ සාකච්ඡාවලදී උපරිම උත්සාහයන් දරා ඇති නමුත්, කොරියානු අර්ධද්වීපයේ පෙරනොවූ විරූ අනතුරුදායක හා තියුණු විරෝධාකල්පයක් පවතින බවත්, න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ ඉඩකඩ ද ඇති බවත් කිම් ජොන්-උන් මහතා ප්‍රකාශ කළේය. උතුරු කොරියාවේ ස්වාධිපත්‍යයට හානි කිරීමේ බලවේගය පවතින තුරු, රටටත් ජනතාවටත් යුදමය තර්ජනය තුරන් කිරීම සඳහා, සිය ආරක්ෂක පරිසරයට අවි උපකරණවල උත්ශ්‍රේණිගත කිරීම හා නවීකරණය කිරීම උතුරු කොරියාව අනිවාර්යයෙන් සිදු කළ යුතු බව ඔහු අවධාරණය කර ඇත.