ඉරාන න්‍යෂ්ටික ගැටළුවට ගැටුම්වලින් විසඳුම් දිය නොහැකි බව චීනය පවසයි.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ චීන නිත්‍ය නියෝජිත Li Song මහතා ඊයේ(21) එම නියෝජිතායතන කවුන්සිලය ඉරාන න්‍යෂ්ටික ගැටළු සමාලෝචනය කළ අවස්ථාවට එක්වෙමින් ඒ බව පැවසීය.
මෙහි සෙසු සාමාජික රටවල් වන ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය හා ඇමරිකාව, ඉරානයට එරෙහිව පීඩා එල්ල කිරීමේ නව තීන්දු තීරණ සම්මත කිරීම සඳහා පෙළඹවීම් ඇති කිරීමට එහිදී උත්සාහ කර තිබේ. කෙසේවෙතත් අවසානයේ මෙහි සාමාජික රටවල් 35 අතරින් චීනය, රුසියාව, බර්කිනා ෆාසෝ මෙම තීරණයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඊජිප්තුව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල් 12ක් ඡන්ද විමසීමෙන් වැළකී සිටියේය.
මෙම කවුන්සිලය ඇතුළත අත්තනෝමතික ව ප්‍රතිවිරෝධ ඇති කිරීම, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය හා ඉරානය අතර සහයෝගිතා සබඳතාව පලුදු කරවන්නක් මිස ගැටළු විසඳා ගැනීමට මග පාදන්නක් නොවන බව චීනයේ නිත්‍ය නියෝජිත Li Song මහතා පැවසීය. පීඩා එල්ල කිරීම රාජ්‍යතාන්ත්‍රිකභාවයට අනුකූල නොවීමකි. න්‍යෂ්ටික බලය පතුරුවාලීම නිසි අයුරින් වැළැක්විය හැක්කේ, දේශපාලනික හා රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයන්ගෙන් මෙන්ම බහුපාර්ශ්වික වේදිකා මත සංවර්ධනාත්මක සහයෝගිතාවල රැඳී සිටීමෙන් බව ද ඔහු සඳහන් කළේය.