උද්ධමනය පහළට
2024-11-22 15:10:29
Share with:

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී -0.7% ලෙස අඩු වී ඇත. 2024 සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී 1.3%ක් ලෙස වාර්තා වේ. එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේ දී -2.3% ක් ලෙස ද වාර්තා වන බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

 

 

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම