සිකුරාදා දිනයේ අවසන් වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී, දේශගුණික විපර්යාස වෙනුවෙන් වන නව අරමුදල් පිළිබඳ එකඟතාවකට පැමිණීමට, සාකච්ඡා සඳහා එක්ව සිටින පිරිස් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.
අසර්බයිජානයේ බාකු අගනගරයේ පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ (COP29) පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයේ 29 වැනි සැසියේ ප්‍රධාන කාර්යයක් වන්නේ, වසර 2025 න් පසු දේශගුණික විපර්යාස ආමන්ත්‍රණය කිරීමේදී, සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය වීම සඳහා සංවර්ධිත රටවල් විසින් කළ යුතු මූල්‍ය දායකත්වයේ නව ඉලක්කයක් තීරණය කිරීමයි.
සාකච්ඡා සඳහා එක්ව සිටින නියෝජිතයින්ට අනුව, මෙම අරමුදල් සඳහා වන දායකත්වය වෙනුවෙන් බ්‍රහස්පතින්දා දිනයේ දී ඉදිරිපත් කෙරුණු නව කෙටුම්පතක් සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් අතර නිසි එකඟතාවයක් නොපෙන්වන බැවින් මෙම කාර්යය අභියෝගාත්මකව පවතී.
වසර 2009 දී, සංවර්ධිත රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික ක්‍රියාකාරකම්වලට සහය දැක්වීම සඳහා වසර 2020 වන විට වාර්ෂිකව ඇ.ඩො. බිලියන 100 ක් රැස් කිරීමට එකඟ වූ අතර ඉලක්කය පසුව වසර 2025 දක්වා එය දීර්ඝ කරන ලදී.
COP29 හි දී, සංවර්ධිත රටවල් විසින් වාර්ෂිකව අවම වශයෙන් ඩොලර් බිලියන 500 ක් බලමුලු ගැන්වීමේ සහ සැපයීමේ ඉලක්කයක් යෝජනා කරන ලද නමුත්, සංවර්ධිත රටවල් ඊට ප්‍රතිචාර දක්වා නැත.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, සමුළුව අවසන් වන විට දේශගුණික සාකච්ඡා සඳහා "විශේෂ අවධානයක්" ඉල්ලා ඇති අතර, මූල්‍ය දායකත්වය වැඩිවීමේ අවශ්‍යතාව ද අවධාරණය කරයි.