“අන්තර් දේශසීමා ගෝලීය දත්ත ප්‍රවාහ සහයෝගිතා පිළිබඳ යෝජනාව” සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය විස්තර කරයි.
ඒ ඒ පාර්ශ්වයන්ගේ පොදු සැලකිල්ලට ලක්වූ අන්තර් දේශසීමා දත්ත ප්‍රවාහය පිළිබඳ පාලන ප්රශ්නය සඳහා චීනය විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාව ක්‍රියාකාරී විසඳුමක් බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා පැවසීය. ඉන් චීනයේ ස්ථාවරය හා අදහස් පැහැදිලි කෙරේ. එම යෝජනාව මත ඒ ඒ පාර්ශ්වයන් සමග අදාළ ක්ෂේත්රවල හුවමාරු හා සහයෝගිතා පවත්වා ගෙන තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය.
පසුගිය දා පැවති එපෙක් නායකයන්ගේ 31වැනි නිල නොවන සමුළුවේදී චීන ජනපති ෂී ජින් පිං මහතා “අන්තර් දේශසීමා ගෝලීය දත්ත ප්‍රවාහ සහයෝගිතා පිළිබඳ යෝජනාව”ඉදිරිපත් කළේය. ඉන් පසු 2024 ලෝක අන්තර්ජාල සම්මේලනයේදී චීනය නිල වශයෙන් අදාළ පූර්ණ යෝජනාව එළි දැක්වීය. “ගෝලීය දත්ත ආරක්ෂක යෝජනාව” නිකුත් කිරීමෙන් පසු චීනය දත්ත ප්‍රශ්න සම්බන්ධයෙන් නිතුක් කළ තවත් වැදගත් යෝජනාවක් ලෙසට එය සැලකේ. සංවර්ධන ආරක්ෂාව, ඩිජිටල් පාලනය පූර්ණ කිරීම මෙන්ම බහුපාර්ශ්වවාදය ක්‍රියාත්මක කිරීම සඳහා චීනයේ දැඩි අධිෂ්ඨානය ඉන් පිළිබිඹු වූ බව Lin Jian මහතා එහිදී පවසා ඇත.