පොදු සංවර්ධනය සහිත ලෝකයක් ගොඩනැගීමට චීනය ‍අපේක්ෂා කරයි
2024-11-21 09:57:24
Share with:

මෑතකදී රියෝ ද ජැනයිරෝ හි පැවති ජී20 නායක සමුළුව සමස්ත ලෝකයේ අවධානයට ලක්ව ඇත. නව ආරම්භයක සිට ගෝලීය පාලන ප්‍රතිසංස්කරණයේ ඉදිරි සංවර්ධනය මෙන්ම ජී20 කණ්ඩායමට ඉටු කළ හැකි කාර්යභාරය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව උණසුම් ලෙස සාකච්ඡා කරමින් සිටී. මෙවර ජී20 නායක සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවැත්වූ වැදගත් දේශනය ඒ පිළිබඳ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු සපයයි.

"පොදු සංවර්ධනය සහිත සාධාරණ ලෝකයක් ගොඩනැගීම" සහ "එක්ව සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම " යන යෝජනා ෂී ජින් පිං මහතා එම සමුළුවේදී ඉදිරිපත් කළේය. එ මෙන්ම, ගෝලීය සංවර්ධනයට සහාය දැක්වීමේ චීනයේ පියවර අට ඔහු එම අවස්ථාවේදී ප්‍රකාශ කළේය. ආර්ථිකය, මූල්‍යය, වෙළඳාම, ඩිජිටල්කරණය, පරිසරය ඇතුළු ක්ෂේත්‍රවල ගෝලීය පාලනය පළිබඳ චීනයේ සංකල්ප ද ෂී ජින් පිං මහතා එහිදී සවිස්තරාත්මකව පෙන්වා දුන් අතර, එය සමුළුවට සහභාගී වූ පාර්ශ්වයන් අතර පුළුල් අවධානයට ලක්විය.

චීනයේ යෝජනා සහ පියවර ලෝකයේ පොදු සංවර්ධනයට ප්‍රඥාව සහ අභිප්‍රේරණය එක් කරන අතර, ගෝලීය පාලනය වැඩිදියුණු කිරීම සඳහා "මාර්ග සිතියමක්" බව අදාළ නිරීක්ෂකයෝ පවසති. ලෝක ආර්ථිකය සහ මානව සංවර්ධන ප්‍රවණතාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් මෙන්ම විශාල රටක සිය වගකීම ඉටු කිරීමේ දැඩි අධිෂ්ඨානය ඉන් පිළිබිඹු කෙරේ.

මෑත වසරවල, ගෝලීය දකුණේ කණ්ඩායමේ නැගීම ගෝලීය පාලනයේ තවත් කැපී පෙනෙන ලක්ෂණයක් බවට පත්ව ඇත. කෙසේ වෙතත්, වත්මන් පාලන පද්ධතියෙන් එය පිළිබිඹු නොකෙරේ. "ලෝක බැංකුවේ කොටස් හිමිකාරීත්වය පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෝටා වෙනස් කිරීම", "ලෝක වෙළඳ සංවිධානයේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම" ඇතුළු විවිධ යෝජනා චීනය ඉදිරිපත් කර ඇත. එය ගෝලීය දකුණ වෙනුවෙන් හඬ නැගීමට ඇති අයිතිය සඳහා උත්සාහ කිරීමක් වන අතර, වඩාත් සාධාරණ දිශාවකට එය ගෝලීය පාලනය ප්‍රවර්ධනය කරයි.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම